රටේ බහුතරයක් දෙනා භාවිත කරන මේ පොදු ප්‍රවාන සේවා තුළ මෙවැනි සිදුවීම් සාමාන්‍ය දෙයක් බවට දැන් පත්වෙලා.
අද ඔහුට මුහුණ දෙන්න වුණු ඒ සිදුවීම ගැන මෙන්න මේ විදිහට සමාජමාධ්‍යට එක්කරන්න පුද්ගලයෙක් හිතලා.
බලන්න අසාධාරණ ලෙස මුදල්ගන්න ගිය කොන්දොස්තරවරයෙක් ගැන මේ පුද්ගලයා කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
“අද සිට අවම බස් ගාස්තුව රුපියල් 30යි. මීට කළින් අවම ගාස්තුව වුණේ රුපියල් 27යි. ඒත් රුපියල් 30ක් දුන්නම කවදාවත් කොන්දොස්තර ඉතිරි රුපියල් 3 දුන්නේ නෑනේ.
තිහමයි ගත්තේ. අපි ඉල්ලුවෙත් නෑනේ. ආමර් වීදියේ සිට කොටුවට රුපියල් 30ක් දීලයි හැමදාම ආවේ.
ඒකට කමක් නෑ කියමුකෝ. ඒත් අද උදේ ආමර් වීදියෙන් ගොඩවුණු 138 කඩවත- කොටුව බස් රථයේ කොන්දොස්තරට 30ක් දුන්නාම 35ක් ඉල්ලනවා. තිහේ ටිකට් එක 35 වුණාලු.
මම ඇහුවා කොහේ තියෙන තිහේ ටිකට් එකක්ද තිස්පහ වුණේ කියලා. තිස් පහක් දෙන්නම් ටිකට් එකක් දෙන්න කිව්වම සද්ද නෑ. රුපියල් පහ නෙවෙයි, මේ විදිහට ගසා කන එකයි අවුල.”









