Home Uncategorized නව යොවුන් විය අවුරුදු 30 දක්වා පවතිනවාලු.. ලොවක් පුදුම කරමින් සොයාගත් ඇස්...

නව යොවුන් විය අවුරුදු 30 දක්වා පවතිනවාලු.. ලොවක් පුදුම කරමින් සොයාගත් ඇස් උඩ යන නව සොයාගැනීමක් මෙන්න…

0
321

මිනිස් මොළය ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අවධීන් පහක් හරහා ගමන් කරන අතර, එහි ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයන් වයස අවුරුදු 9, 32, 66 සහ 83දී සිදුවන බවට විද්‍යාඥයින් අනාවරණය කර තිබේ.

වයස අවුරුදු 90 දක්වා පුද්ගලයින් 4,000ක් පමණ ඔවුන්ගේ මොළයේ සෛල අතර පවතින සම්බන්ධතා කුමන ආකාරයේ ද යන්න හෙළි කර ගැනීම සඳහා ස්කෑන් පරීක්ෂණවලට භාජනය වූහ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ අප “උච්චතම අවස්ථාවට” පැමිණෙන තිස් ගණන්වල මුල් භාගය වන තෙක් මොළය නව යොවුන් වියේ පවතින බවයි.

මානසික සෞඛ්‍ය ආබාධ සහ ඩිමෙන්ශියාව ඇතිවීමේ අවදානම ජීවිත කාලය පුරා වෙනස් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මෙම ප්‍රතිඵල අපට උපකාරී වනු ඇතැයි ඔවුහු පවසති.

මොළය නව දැනුමට සහ අත්දැකීම්වලට ප්‍රතිචාර දක්වමින් නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින නමුත් පර්යේෂණවලින් පෙනී යන්නේ මෙය උපතේ සිට මරණය දක්වා එක් සුමට රටාවක් අනුව සිදු නොවන බවයි.

ඒ වෙනුවට, එය ගමන් කර අවධීන් පහ පහත පරිදි වේ:

  • ළමා විය – උපතේ සිට අවුරුදු නවය දක්වා
  • නව යොවුන් විය – නවයේ සිට 32 දක්වා
  • වැඩිහිටි විය – අවුරුදු 32 සිට 66 දක්වා
  • පූර්ව මහළු විය – අවුරුදු 66 සිට 83 දක්වා
  • පශ්චාත් මහළු විය – 83 සිට ඉදිරියට

“මොළය ජීවිත කාලය පුරා ම රීවයර් වෙනවා. එහි සෛල අතර සම්බන්ධතා හැම වෙලාවෙ ම ශක්තිමත් වෙනවා, දුර්වල වෙනවා. ඒක ඒකාකාරී රටාවක් නෙවෙයි. මොළය රීවයර් වෙන එකේ උච්චාවචනයන් සහ අවධීන් තියෙනවා,” පර්යේෂණයේ ප්‍රධානී ආචාර්ය ඇලෙක්සා මවුස්ලි බීබීසීයට පැවසීය.

ඇතැම් අය මෙම සන්ධිස්ථාන වෙත අනෙක් අයට වඩා කලින් හෝ පසුව ළඟා වනු ඇත. නමුත් පර්යේෂකයන් පැවසුවේ මෙම වයස් දත්තවල කෙතරම් පැහැදිලිව පෙනෙනවා ද යන්න පුදුමසහගත බවයි.

Previous articleශේන්ට අතුල දෙන හයිය.. රටක් ආදරේ කල ඒ අදරණීය විඩියෝවේ තියෙන ඇත්තම කතාව මෙන්න..
Next articleමොකක්ද මේ අප්‍රේල් මුල ඉඳලා කරන්න යන අලුත්ම වැඩේ… මේකනම් අලුත්ම අත්දැකීමක් වෙයි ඔන්න.. බලන්නකෝ විස්තරය.
error: Content is protected !!
Verified by MonsterInsights