ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කළුතරදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් හමුවේ ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළා. එහිදී ඔහු අවධාරණය කළ ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න.
“අපි ළඟ හොරු නෑ” කියා බලයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණ දැන් තම ප්‍රතිපත්ති වෙනස් කර ඇති බව නාමල් පවසනවා.
වත්මන් බලශක්ති ඇමතිට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති පසුබිමක, බාල ගල්අඟුරු ගෙන ඒම නිසා සිදුවූ පාඩුව ජනතාවට විඳීමට සිදුවී ඇති බවත්, විපක්ෂය ඉල්ලන තෙක් නොසිට ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ඔහු සඳහන් කළා.
පසුගිය කාලයේ ජනතාව නොමඟ යැවීමට භාවිතා කළ ලැම්බෝගිනි 18, උගන්ඩාවේ සල්ලි, ඩොලර් බිලියන 18 සහ බකිංහැම් මාළිගාව වැනි කතා හුදෙක් ජනතාව රවටා දේශපාලන වාසි ලබා ගැනීමට කළ ප්‍රයෝග බව නාමල් මෙහිදී පෙන්වා දුන්නා.
හෙලිකොප්ටර්වල යන්නේ නැතැයි කියා බලයට ආ පිරිස දැන් සැප වාහනවල යන බවත්, ඒ අතරතුර රටේ බුද්ධි අංශ දුර්වල වී ඇති බවත් ඔහු පැවසුවා.
විශේෂයෙන්ම බුද්ධි අංශ ප්‍රධානියා හිරේ දැමීම සහ මහා සංඝරත්නයට සිදුවන අසාධාරණයන් පිළිබඳව ඔහු සිය කනස්සල්ල පළ කළා.
වැඩිම කුතුහලයක් මතු කරමින් නාමල් රාජපක්ෂ කියා සිටියේ කන්ටේනර් 323 ක් පන්නා දැමීම පිටුපස සිටින්නේ කවුදැයි ඉදිරියේදී හෙළිවන බවයි.
ඒ සම්බන්ධ ලිපි ලේඛන එළියට එන විට ඇඟිල්ල දික් කළ යුත්තේ කාටදැයි ජනතාවට වැටහෙනු ඇති බව ඔහු අභියෝගාත්මකව ප්‍රකාශ කළා.
Source – Hiru Gossip












