Home දේශිය පුවත් බිග් මැච් එකත් අතරමග නවතියි… නොසිතූ මොහොතක මිතුරන් දෙදෙනාට අත්වූ හදකම්පා කරවන...

බිග් මැච් එකත් අතරමග නවතියි… නොසිතූ මොහොතක මිතුරන් දෙදෙනාට අත්වූ හදකම්පා කරවන සිද්ධියෙන් මහනුවරම අද කඳුළු විලක් වෙයි

0
1997

ශාන්ත සිල්වෙස්තර විදුහලේ උසස් පෙළ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (02) පෙරවරුවේදී පල්ලේකැලේ යුද හමුදා කඳවුර අසලදී යතුරුපැදිය බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් එක් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ නෙතුල නිම්දිනු නමැති ශාන්ත සිල්වෙස්තර විදුහලේ උසස් පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබනන සිසුවෙකි.

එම අනතුරින් පසුව පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙමින් තිබූ මහනුවර සිල්වෙස්තර විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර 66 වැනි මහා ක්‍රිකට් තරගය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට එහි පාලනාධිකාරය පියවර ගෙන තිබිණි.

මහා ක්‍රිකට් තරඟය නවතා දැමීමේ යෝජනාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් දෙවිදුහලේ විදුහල්පතිවරුන් ඉදිරිපත් කොට තිබුණි.

 

Previous articleIPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි
Next articleසෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්දගේ වාර්තාව මතුගම සෙතික බිඳ දමයි !
error: Content is protected !!
Verified by MonsterInsights