උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්, යාපනයේ ඉනුවිල් හි දකුණු ඉනුවිලෙයි හි පදිංචිව සිටි ලවන් අක්ෂයන්ත නම් ශිෂ්‍යයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත (04) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් මුළු ප්‍රදේශයම දැඩි ලෙස කම්පාවට පත්ව ඇත.
එසේම මියගිය ශිෂ්‍යා මෑතකදී නිකුත් වූ 2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ඉහළම දක්ෂතා පෙන්නුම් කළ සිසුවෙකු වීමද විශේෂත්වයක්.
එහිදී ඔහු 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයට යාපනය හින්දු විද්‍යාලයෙන් පෙනී සිටි අතර, ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබා ගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ 24 වන ස්ථානය ලබා ගෙන ඇති බව වාර්තා වේ.










