Home දේශිය පුවත් මෙන්න මේ ප්‍රදේශ කිහිපයකට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම්! ජනතාව දැනුවත් විය යුතුම...

මෙන්න මේ ප්‍රදේශ කිහිපයකට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම්! ජනතාව දැනුවත් විය යුතුම පුවතක් මෙන්න.

0
992
අධික වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වාර්තා වන අන්දමට, රත්නපුර සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස පළමු මට්ටමේ (Level 1) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, මෙම නිවේදනය ඉදිරි පැය 24 පුරාම බලපැවැත්වෙනු ඇති.

දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් කඳු බෑවුම් ආශ්‍රිතව සහ නායයෑම් අවදානම පවතින ස්ථානවල පදිංචි පිරිස් මේ මොහොතේ ඉතාමත් අවධානයෙන් පසුවිය යුතු බවයි බලධාරීන් අවධාරණය කරන්නේ.

විශේෂයෙන්ම පොළොව ගිලා බැසීම්, ගස් ඇලවීම් හෝ පස් කඳු කඩා වැටීම් වැනි ලක්ෂණ දුටුවහොත් වහාම ආරක්ෂිත පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

Previous articleඔහුගේ ජීවිතය මිලින වී ගියේ කිසිවෙකුටත් හිතාගන්න බැරි ලෙසටයි.. උසස් පෙළින් A 3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා නොසිතූ මොහොතක අවසන් ගමන් යයි…
Next articleමෙන්න නියම බොස්ලා! සුළු සේවකයින්ට iPhone 17 දුන් Wild Cookbook තරුණයාගේ අපූර්ව ආදර්ශය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights