උත්සව සමයටම වෙන්වුණු විශේෂ කර්මාන්ත කිහිපයක් තියනවා. ඒ අතරින් කැපී පෙනෙන තැනක් වලං කර්මාන්තයට හිමිවෙනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්. මෙදා සැරේ ඔවුන්ගේ කර්මාන්තයට මොකක්ද මේ වෙලා තියෙන්නේ. අද ඒ ගැන ඇසෙන්නේ විශේෂ කතාවක් මෙදා අවුරුද්දට කලින් අහන්න දකින්න ලැබුණා.
ඇත්තටම මේක නම් හරිම සංවේදී කතාවක්. ඔවුන් මෙදා අලුත් අවුරුද්ද වෙනුවෙන් අලෙවි කරන්න වලං මිලදී ගන්නේ දහසකුත් ප්‍රශ්න මැද, කෙසේ හෝ මුදල් හොයාගෙන.
ඒ වුණාට අද වෙනකොට ඔවුන්ට ව්‍යාපාරය කරගෙන යන්න බැරි තත්වයක් උදා වෙලා. ඒ පදික වේදිකාවල අටවාගත් මේ කඩ ඉවත්කරන ලෙස බලධාරීන් කරන ලද දැනුම්දීමත් එක්කයි.









