සාමාන්‍යයෙන් රුවන්වැලි මහා සෑ පරිශ්‍රය බැතිමතුන් වෙනුවෙන් විවෘතව පවතින්නේ රාත්‍රී 10 වන තෙක් පමණයි.
නමුත් හෙට දිනයේ පවතින සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට රාත්‍රී කාලය පුරාම වැඳපුදා ගැනීම සඳහා සෑ රඳුන් අභියසට පිවිසීමට බැතිමතුන්ට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්.
වාර්ෂික චාරිත්‍රයක් ලෙස සිදුකෙරෙන පරණ අවුරුද්ද වෙනුවෙන් වන කිරි ඉතිරවීමේ මංගල්‍යය අප්‍රේල් 13 වනදා මධ්‍යම රාත්‍රී 12ට මහා සෑ රඳුන් අභියසදී අතිඋදෑසනින්ම පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
අවුරුදු සිරිය මැද ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ආශිර්වාද ලබා ගැනීමට මෙය කදිම අවස්ථාවක් වනු නොඅනුමානයි.










