Home Uncategorized අදත් රන් මිලේ අදහාගත නොහැකි පෙරළියක්! රන් පවුමක අලුත්ම මිල ඇහුවොත් ඔබ...

අදත් රන් මිලේ අදහාගත නොහැකි පෙරළියක්! රන් පවුමක අලුත්ම මිල ඇහුවොත් ඔබ පුදුම වේවි!

0
639

රත්තරන් ගන්න හිතාගෙන ඉන්න අයට වගේම, රත්තරන් ආභරණ වලට ආදරය කරන කාටත් අද  දවස එතරම් සුබ ආරංචියක් නම් අරන් ඇවිත් නැහැ. පසුගිය දින කිහිපය පුරාම ඉහළ ගිය රන් මිල අද දිනයෙත් තවත් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

සමස්ත ලංකා ස්වර්ණාභරණ හිමියන්ගේ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් මහතා පවසන පරිදි, මේ මිල ඉහළ යාමත් සමඟ සාමාන්‍ය රන් පවුමක මිල ගණන් දැන් පවතින්නේ හිතාගන්න බැරි මට්ටමකයි.

පසුගිය සතියේ රුපියල් 416,000කට තිබුණු කැරට් 22 රන් පවුමක අත් පළඳනාවක් (Bracelet) අද වන විට රුපියල් 420,000ක් දක්වා ඉහළ ගිහින්.

රුපියල් 406,000ක්ව පැවති කැරට් 22 රන් මාලයක මිල දැන් සටහන් වෙන්නේ රුපියල් 410,000ක් ලෙසයි.

ඒ වගේම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 402,000ක් දක්වා රුපියල් 4,000කින් ඉහළ ගොස් තිබෙනවා.

දේශීය වෙළෙඳපොළේ රන් මිල මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ යාමට ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යාම වගේම, ශ්‍රී ලංකා රුපියල අගය අඩුවීමත් (අවප්‍රමාණය වීම) ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය සතියේත් රුපියල් 7,000කින් පමණ රන් මිල ඉහළ ගිය අතර, මේ වන විට රන් මිල වාර්තාගත මට්ටමකට ළඟා වී තිබෙනවා. රත්තරන් ආයෝජනයක් ලෙස ගන්නා අයට මෙය වාසිදායක වුවත්, ආභරණයක් ලෙස මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිස් මේ මිල ඉහළ යාම නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා

Previous articleදුවට බීම බෝතලයක් ගෙනත් දීලා විනාඩි කිහිපයකින්, ඒ ආදරණීය පියා සදහටම ඇස් පියාගත්තා. ආදරණීය පියෙක් ගැන ඇසෙන සංවේදී කතාව
Next articleවාට්ටුව මැදදී දොස්තර නෝනා කෑගසයි! දෙවැනි පාරත් ඒ වැඩේම කරලා… නාගොඩ රෝහලෙන් ඇසෙන පුවතක්
error: Content is protected !!
Verified by MonsterInsights