Home තරු ගොසිප් සිනමාව එපා කියා රු 4500 වැටුපට සරල රස්සාවක් කරන ආක්ෂේගේ පුතා..

සිනමාව එපා කියා රු 4500 වැටුපට සරල රස්සාවක් කරන ආක්ෂේගේ පුතා..

0
553

සිනමාව එපා කියා රු 4500 වැටුපට සරල රස්සාවක් කරන ආක්ෂේගේ පුතා

අක්ෂේ කුමාර් හා ට්වින්කල් ඛන්නාගේ පුතා ආරව් හාතියා (Aarav Bhatia) ඔහුගේ සීයා වන බොලිවුඩ් සිනමාවේ පළමු සුපර් ස්ටාර් ලෙස සැලකෙන රාජේෂ් ඛන්නාගේ කපාපු පළුවකි.

ඔහු සීයාගේ, පියාගේ හෝ මවගේ අඩිපාරේ යමින් බොලිවුඩ් සිනමාවේ විශාල තාරුවකාවක් වනු ඇති බවට බලාපොරොත්තුවක් ද පැවතුණා.

එහෙත් ආක්ෂේ කුමාර් ඒ ගැන අදහස් පළ කරමින් පුතු ආරව්ට චිත්‍රපටවලට පිවිසීමට කිසිම සැලැස්මක් නොමැති බවයි.

“පුතා මම වගේම ශාරීරික සෞඛ්‍යයට අවධානය යොමු කරන, වැඩට කැමති සහ ඉතාම focused කෙනෙක්. ඔහුට චිත්‍රපටවලට පිවිසෙන්න කිසිදු සැලැස්මක් නැහැ. ඔහුගේ රුචිය තියෙන්නේ fashion ක්ෂේත්‍රයට…” බවයි ඔහු පවසා ඇත්තේ.

ඔහු මේ වනවිටත් ඉතා සරල රැකියාවක් (ඉන්දියානු රු. 4500ක් පමණ වැටුපක්) කරමින් සිටින බවද ආක්ෂේ කියා තිබුණා. ආරව් ගම්වලට ගොස් විවිධ design, prints වගේ දේවල් ගැන මුලින්ම ඉගෙන ගනිමින් සිටිනවා.

“එය හොඳ දෙයක් බවත් තමන් පුතාට වැඩිදුර lecture දෙන පියෙක් නොවන බව ද ඔහු කියා තිබෙනවා.

මම ඔහුට දෙන එකම උපදෙස “කෙනෙකුට හානි කරන්න එපා. කෙනෙකුට වේදනාවක් දෙන්න එපා.” කියන එකයි.

ඒ හැර, ජීවිතය ඔහුම හසුරුවාගත යුතු කියන එකයි මගේ අදහස යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

 

Previous articleප්‍රසංගයකට පෙර ලොවක් ආදරේ කරන BTSලාගේ එනර්ජි එක බූස්ට් කරන පානය හෙළි වෙයි..
Next articleඅවවාදයයි..ඔයත් රෑට දත් මදින්න අකැමතිද ?එහෙනම් ඔබත් මේ වන විට අ න තුරේ….මෙන්න ඒ ගැන අද ඇසෙන අලුත්ම ආරංචිය..
error: Content is protected !!
Verified by MonsterInsights