Home තරු ගොසිප් ප්‍රසංගයකට පෙර ලොවක් ආදරේ කරන BTSලාගේ එනර්ජි එක බූස්ට් කරන පානය හෙළි...

ප්‍රසංගයකට පෙර ලොවක් ආදරේ කරන BTSලාගේ එනර්ජි එක බූස්ට් කරන පානය හෙළි වෙයි..

0
229

ප්‍රසංගයකට පෙර ලොවක් ආදරේ කරන BTSලාගේ එනර්ජි එක බූස්ට් කරන පානය හෙළි වෙයි

ලෝක ප්‍රසිද්ධ K-pop සංගීත කණ්ඩායම වන BTS මේ වන විට ඔවුන්ගේ ‘Arirang’ ප්‍රසංග මාලාව සමඟ ලෝකය පුරා සංචාරය ආරම්භ කර තිබෙනවා.

ඔවුන්ගේ සෑම ප්‍රසංගයක්ම ජවයෙන්, ශක්තියෙන් හා ප්‍රාසාංගික බවින් පිරුණු ඒවාය.

ආරම්භයේ සිට අවසානය දක්වා වේග රිද්ම නර්තනයන්, ගායනයන් හා බැඳුණු ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් සඳහා විශාල ජවයක් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔවුන් භාවිත කරන රහස් වට්ටෝරුවක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

සෑම concert එකකට පෙර ඔවුන් ඉක්මන් ශක්තිය ලබා ගැනීම සඳහා භාවිතා කරන “රහස” මී පැණි (honey) බවයි සඳහන් වන්නේ.

V සහ J-Hope විසින් share කළ ඡායාරූප කිහිපයකම, concert එකට පෙර backstage එකේදි ඔවුන් මී පැණි පානය කරන අයුරු දැකගත හැකි අතර, Jin ද මී පැණි ලබා ගන්නා ආකාරය එම ඡායාරූපවල සටහන් වී තිබුණා.

ඔවුන්ගේ ලෝක සංචාරය මේ වන විට Goyang නගරයෙන් ආරම්භ වී ඇති අතර, ලෝකය පුරා නගර 34ක ප්‍රසංග 85ක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

🍯 මී පැණි ශක්තිය ලබාදෙන ආහාරයක්. ඉක්මණින් energy boost කිරිමට මී පැණිවලට හැකියාව තියෙනවා.

ඒ නිසා BTS concertවලදි ඔවුන් සිදුකරන high-energy performance වලට පෙර මී පැණි ලබා ගැනීම ඉතාම හොඳ බවට නිර්දේශ කර තිබෙනවා.

වේග රිද්මයනුකූල නැටුම් සහ චලන අතරතුර ඇතිවෙන අධික තෙහෙට්ටුව නිවා ගැනීමට ද මී පැණි හොඳ ඖෂධයක් බවයි සඳහන් වන්නේ.

Previous articleලෝකයේම ආදරේ දිනාගත් සුපිරි බොලිවුඩ් තරු යුවලක් වූ ඔවුන්ගේ කිරි සිහිනය යලිත් සැබෑ වෙන ලකුණු…?
Next articleසිනමාව එපා කියා රු 4500 වැටුපට සරල රස්සාවක් කරන ආක්ෂේගේ පුතා..
error: Content is protected !!
Verified by MonsterInsights