ඇල්කොහොල් අබ්බැහිය නිසා ජීවිතයම විනාශ වීමට ගිය බොලිවුඩ් ගායිකාව..
Dhurandhar: The Revenge චිත්‍රපටයේ ඇගේ ප්‍රබල ගායනය සමඟ නැවත විශාල අවධානයක් දිනා ගැනීමට ජැස්මින් සැන්ඩ්ලස්ට (Jasmine Sandlas) හැකියාව ලැබුණා.
ජැස්මින් සැන්ඩ්ලස් යනු ප්‍රධාන වශයෙන් පන්ජාබි ගීත ගායනා කරන ඉන්දියානු-ඇමරිකානු ගායිකාවක්, රූපවාහිනී පෞරුෂයක්, රංගන ශිල්පිනියක් මෙන්ම ගීත රචිකාවියකි. සැන්ඩ්ලස් 1985 වසරේ දී ඉන්දියාවේ ජලන්ධර් හි උපත ලබා කැලිෆෝනියාවේ ස්ටොක්ටන් හි හැදී වැඩුණා.
වයස අවුරුදු 23 පමණ විට තදින් ඇල්කොහොල්වලට අබ්බැහි වීම (alcoholism) නිසා ජීවිතය අඳුරු වීමට ගියත් විශාල අරගලයකින් පසු එම තත්ත්වයෙන් මිදී බොලිවුඩ් සංගීතයේ ඇගේ නම සනිටුහන් කිරීමට ඇයට හැකි වුණා.
ළඟදි You Tube සංවාදයක් අතරතුර පිලිබඳ ඇය මුළුමනින්ම පාහේ විවෘතව කතා කිරීම නිසා ද ඇය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබෙනවා.
පවුල් ගැටලු, පියාගේ මරණය, ජනප්‍රියත්වය, අභ්‍යන්තර මානසික පීඩනය ඇගේ ජීවිතයට පැමිණ තිබුණේ එකම වකවානුවකදීය. සංවාදය අතරතුර ඇය පැවසුවේ එම වසර 2-3 ක කාලය තුළ සිදු කළ ඇතැම් දේවල් ගැන අදටත් කණගාටුවක් ඇති බවයි.
“ඊට පෙර මම මත්පැන් පානය කළේ නැහැ. නමුත් ජීවිතය කඩා වැටෙන විට සහායක් අවශ්‍ය වෙනවා.”
ඇගේ ළමා අවධිය පවුලට සම්බන්ධ හේතුවක් මත බිඳුනු එකක් බවයි ඇය පවසා ඇත්තේ. එම තත්ත්වය මත ඇය තුළ පැවති අමනාපය ඒ ආකාරයෙන් කෙළවර වූ බව ඇය පවසා තිබෙනවා. “ළමයෙකුගේ හදවත බිඳුන විට එය සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්නේ නැහැ.”
පිටතින් බලන විට සියල්ල සතුටුදායක වුවද මිත්‍රයන්, මත්පැන් හා ජනප්‍රියත්වය මැද තනි වී සිටින බවක් තමාට දැනුණ බවයි ඇය සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම තත්ත්වයෙන් මිදීමට ඇයට නැවත පිහිට වුණේ මව සහ පවුලම බව ද ඇය කියා සිටියා.








