Home දේශිය පුවත් වෙසක් සතිය ප්‍රකාශයට පත් වෙයි… මෙවර රාජ්‍ය වෙසක් උත්සව පැවැත්වෙන ස්ථාන මෙන්න!

වෙසක් සතිය ප්‍රකාශයට පත් වෙයි… මෙවර රාජ්‍ය වෙසක් උත්සව පැවැත්වෙන ස්ථාන මෙන්න!

0
2032

සම්බුදු තෙමඟුල සැමරෙන උදුවප් මහේ උතුම් වෙසක් පුන් පොහෝ දිනයට අදාළව රජය විසින් වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

වෙසක් උත්සවය සැමරීමට පෙරුම් පුරන බොදු ජනතාවට මෙවර වෙසක් නිවාඩු සහ වෙසක් සතිය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කරුණු අනාවරණය කළා.

මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී තිබෙන්නේ මැයි මස 30 වනදාටයි.

ඒ අනුව මැයි 30 සහ ඊට පසු දිනය වන මැයි 31 (ඉරිදා) යන දින දෙක වෙසක් සැමරුම් සඳහා වෙන් කර තිබෙනවා.

මේ පිළිබඳව නිල චක්‍රලේඛය ඉදිරියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිතයි.

වෙසක් උත්සවය වෙනුවෙන් සැදැහැවතුන්ට ආගමික වතාවත්වල නිරත වීමට පහසු වන අයුරින් මැයි මස 27 වනදා සිට ජූනි 02 වනදා දක්වා කාලය “වෙසක් සතිය” ලෙස රජය විසින් නම් කර තිබෙනවා.

ඊයේ (21) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් නිවේදනය කළා.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සඳහා තෝරාගෙන ඇත්තේ රුහුණු පුරවරයයි.

ඒ අනුව මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා…

Previous articleඔහුට මේ තරම් ආදරණීය උපන්දින සුබපැතුමක්.. මියගිය සැමියා වෙනුවෙන් වසර තුනක් මග බලා සිටි ඇයගේ ඇස් එක වරම මවිත වෙයි..
Next articleමගෙ යාළුවෝ කීපදෙනෙක්වත් බ්ලැක්මේල් කරලා” ක්ෂේත්‍රයේ තවත් කීපදෙනෙක්වත් බ්ලැක්මේල් කරලා ?ජනප්‍රිය නිළි නදුනි කරුණානිලකට අකරතැබ්බයක් !??
error: Content is protected !!
Verified by MonsterInsights