Home තරු ගොසිප් ඔවුන්ගේ අලුත්ම පෙම් පලහිලව්ව ලොවක් දැනගනී.. කිම් කාර්ඩේෂියන් ඔහු සිපගන්නා උණුසුම් ඡායාරූප...

ඔවුන්ගේ අලුත්ම පෙම් පලහිලව්ව ලොවක් දැනගනී.. කිම් කාර්ඩේෂියන් ඔහු සිපගන්නා උණුසුම් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය කළඹයි..

0
673
මේ කියන්න යන්නේ මේ වෙද්දී ලොවක් විමසිල්ලෙන් ඉන්න ඔවුන් දෙදෙනාගේ ඒ ආදර කතාව ගැනයි.


ලෝක ප්‍රකට රියැලිටි තරුවක වන කිම් කාර්ඩේෂියන් (Kim Kardashian) සහ ෆෝමියුලා වන් (F1) රේසිං ලොවේ අසහාය ශූරයා වන ලුවිස් හැමිල්ටන් (Lewis Hamilton) අතර අලුත් පෙම් කතාවක් ආරම්භ වී ඇති බවට මේ වන විට හොලිවුඩයෙන් ඉතා උණුසුම් පුවත් වාර්තා වෙනවා.

මීට පෙර විවිධ පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වූ කිම්ගේ මෙවර තේරීම ලෝකයේ වේගවත්ම මිනිසෙකු වීම කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.

මෙම කටකතාවලට වඩාත් තහවුරු වූයේ පසුගිය අප්‍රේල් 20 වනදා මලිබු (Malibu) වෙරළ තීරයේදී ඔවුන් දෙදෙනා හැසිරුණු ආකාරය නිසාවෙනි. රහසිගතව නොව, පැපරාසීන්ට පවා දැකගත හැකි අයුරින් ඔවුන් දෙදෙනා එකිනෙකා වැළඳ ගනිමින්, හාදු හුවමාරු කරගනිමින්, වෙරළේ පිහිනමින් ඉතා සමීපව කාලය ගත කරනු දක්නට ලැබුවා.

ඇත්තටම මෙම කතාව එකවරම මතු වූවක් නොවේ. මීට දින කිහිපයකට පෙර කිම් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කළ ඡායාරූපයක් හරහා රසිකයන්ට යම් ඉඟියක් ලැබුණා.

ඇය මින් පෙර පළ කළ ඡායාරූප කිහිපයක ඔහුගේ මුහුණ පැහැදිලිව පෙනෙන්නට නොතිබුණද, එම පුද්ගලයාගේ අතේ වූ Tattoo එක දුටු විගස ඔහු ලුවිස් හැමිල්ටන් බව රසිකයන් හඳුනා ගත්තා. පසුව ඔවුන් දෙදෙනා එම ස්ථානයේ සිටින තවත් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ රාවය තවදුරටත් තහවුරු වී තිබුණා.

“Keeping Up with the Hamiltons”
මෙම සම්බන්ධය පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයන් විවිධ රසවත් ප්‍රතිචාර දක්වමින් සිටියි.

“කිම්ගේ මීළඟ රියැලිටි වැඩසටහන ‘Keeping Up with the Hamiltons’ ලෙස නම් කිරීමට සිදුවේවි.”

“ලුවිස් පුරුදු වී සිටින්නේ වේගයටයි, කිම්ගේ ජීවිතයත් ඒ වගේම වේගවත්. ඒ නිසා මේක ලෝකයේ වේගවත්ම ප්‍රේම කතාව වේවි.”

ලුවිස් හැමිල්ටන් යනු ෆෝමියුලා වන් ධාවන පථයේ අතිශය ජනප්‍රිය ක්‍රීඩකයෙකු වන බැවින්, මෙම “වේගවත්” සම්බන්ධතාවය ඉදිරියට කෙසේ ගලා යනු ඇත්දැයි ලොවම බලා සිටියි.

Previous articleචන්දිමාල්ට එරෙහිව සෙට් එකක් CID එකට..
error: Content is protected !!
Verified by MonsterInsights