නියමිත ප්‍රමාණයන්ගෙන් විටමින් B12 හා විටමින් ච් ආහාරයේ අඩංගු නොවන අවස්ථාවලදී ස්නායුවල අක්‍රියභාවය(Dialetic Poripheral Neuropalny) ඇති වීම නොවැළැක්විය හැක්කකි. සූර්යාලෝකයෙන් විටමින් D අවශ්‍යතාවෙන් කොටසක් පිරිමසා ගත හැකි අතර, මීට අමතරව චීස්, බිත්තර කහමදය, බිම්මල් මෙන්ම කෙළවල්ලා, සැමන්, මැකරල් වැනි මේදය සහිත මත්ස්‍යවලින්ද විටමින් D නොමඳව ලැබේ. රතුපාට මස් හා මාළු විටමින් B12වලට හොඳ ප්‍රභවයකි. මීට අමතරව ෙදාඩම් යුෂ, සෝයා කිරි හා සෙරියල් (Cereals)වලද මේවා සුලබව අන්තර්ගත වේ.
දියවැඩියාව නිසා ඇති වන ස්නායු ආබාධ තත්ත්වයන් හා විටමින් D අඩංගු ආහාරවලින් යම් සහනයක් ලබාගත හැකි වුවත් විටමින් B12 අඩංගු ආහාර ගැනීමෙන් පමණක් රෝග ලක්ෂණ වැළැක්වීමට එතරම් පිටිවහලක් නොලැබේ.
ගත හැකි ඔෟෂධ මොනවාද?
වෛද්‍ය උපදේශයකින් තොරව වෙළෙඳපොළේ ඔසුසල්වලින් මිලට ගත හැකි වේදනානාශක පාවිච්චියෙන් මෙම ස්නායුවලට හානි වීමෙන් ඇති වන වේදනා හා හිරිවැටීම පාලනය කරගත නොහැකි අතර හැකි සෑම විටම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්ය.
සමහර ආතතීන් හා මානසික ආබාධ සඳහා නිර්දේශ කරන ඔෳෂධ මෙන්ම වලිප්පුව (Fits) සඳහා භාවිත කරන ඩුලෙක්සැටින් (Duloxetine) ගැබාපෙටින් (Gabapating) ප්‍රීගැබලින් (Pregabalin)වැනි ඔෳෂධවලින් මේ සඳහා සහනයක් ලබාගත හැකිය. රාත්‍රි කාලයේ දී මේවා භාවිත කිරීමෙන් හොඳ නින්දක් ලබාගත හැකි අතර දහවලදී ඇති වන නිදිමත ගතියද අඩුවේ. මේවායේ අප්‍රසන්න අතුරු ආබාධ ඇති වන නිසා සෑමවිටම වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය.
වේදනා නාශක ආලේපනවලින් ඇති ප්‍රයෝජන
අත-පයේ හිරිගතිය සමඟ ඇති වන වේදනාව සඳහා විවිධ වර්ගයේ ක්‍රීම් වර්ග, ඩයින්මන්ට් වර්ග හා සමේ අලවන පෑඩ් වර්ග ඔෳෂධ සල්වල සුලබව තිබේ. මේවා සම තුළින් අවශෝෂණය කර ස්නායු තන්තුවල කෙළවර ඇති සංවේදනවලින් නිකුත් කරන රසායනික සංඝටක විනාශ කරනු ලැබේ. එක්තරා අධ්‍යයනයකදී මෙසේ මිරිස්වලින් ලබාගන්නා කැප්සයිසින් ((Capsaicin) නම් රසායනිකය එක දිගට පැයක පමණ කාලයක් සමේ වේදනාව හා හිරිගතිය ඇති ස්ථානවල ආලේප කිරීමෙන් සති 12ක පමණ කාලයක් වේදනාවෙන් මිදී සිටිය හැකි බව සොයාගෙන තිබේ.
මීට අමතරව ප්‍රතිඔක්සිකාරක (antoxideas) වන ඇල්ෆා ලිපොයික් අම්ලය (ALA) හා ඇසිටයිල් එල්, කාර්නිටින්, (Acetyl L carnitine) මඟින් ස්නායු තන්තුවලට වන හානිය අවම කර වේදනාව අඩු කරන බව සොයාගෙන තිබේ. එහෙත් මේවා හිතුමතේ භාවිත නොකළ යුතු අතර වෛද්‍ය නිර්දේශය වැදගත් වන්නේ ඇතැමුන්ට මෙමඟින් සංකූලතා ඇති විය හැකි බැවිනි.
චීන කටු චිකිත්සාවේ ඇති වැදගත්කම
ඇතැම් අධ්‍යයනයන්ගෙන් හෙළි වූ කරුණු අනුව චීන කටු චිකිත්සාව මඟින් සාපේක්ෂව අඩු අතුරු ආබාධ ඇති කරන අතර වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන එන බව සොයාගෙන තිබේ. එමඟින් ශරීරයේ ඇති වැඩිපුර ශක්තිය භාවිත කරන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර වේදනාව අඩු කරන බව සොයාගෙන තිබේ.
භාවනාවෙන් සිත සැහැල්ලු කරගැනීමේ ප්‍රයෝජන
අධි රුධිර පීිඩනය, හෘදයේ ස්පන්දන වේගය වැඩි වීම, ආතතිය වැඩි වීම වැනි කරුණු මත අත්පාවල ඇති වන අධික වේදනාව හා හිරිවැටීම පාලනය කිරීම අපහසු වේ. මේ සඳහා යෝගා ව්‍යායාම, භාවනා ක්‍රම, තායි චි(Tai Chi) හා මෝහනය (Hypnosis) වැනි ක්‍රම මඟින් ඉහත කී ආතතිය, අධික හෘද ස්පන්දනය හා රුධිර පීඩනය පාලනය කර ගැනීමට උපකාරී වේ.
තෙල් සහිත සම්බාහනය වේදනාව අඩු කරනවාද?
රෝස්ටෙරි (Rosetary) ලැවෙන්ඩර් (Lavender) යුකැලිප්ටස් (Eucalyptis) කැමොලයිට් (Chamolite) සහ පෙපර්මින්ට් (peppermint)වලින් නිස්සාරණය කරනු ලබන තෙල් වේදනා සහිත ස්ථානවල සමේ ආලේපනය කර සම්බාහනය කිරීම මඟින් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය. එහෙත් මෙම තෙල් වර්ග සම මත ආලේපනය කිරීමේදී වෙනත් තෙල් වර්ගයක් සමඟ තනුක කර ආලේප කිරීම වඩාත් යෝග්‍ය වේ.
දෙපා ආරක්ෂා කිරීමේ වැදගත්කම
දියවැඩියා රෝගීන්නේ දෙඅත්-පාවල ඇති වන හිරිවැටීම නිසා බාහිර සිදුවන අනතුරුවලින් තුවාලවීමට ඇති ඉඩකඩ වැඩිය. දියවැඩියා රෝගීන්ගේ සීනි පාලනය නිසියාකාරව සිදු වන්නේ නැත්නම් තුවාල සුව වීම ප්‍රමාදවීමට ඉඩ තිබේ. මේ නිසා දෙපා ආරක්ෂා කර ගැනීමට පාවහන් යුගලක් නොමැතිව ඇවිදීම යෝග්‍ය නොවේ. මේ නිසා දෙපාවලට නිසිසේ ගැළපෙන, ස්වාභාවික සම්වලින් තැනූ පාවහන් පලඳින්නේ නම් ඉතා සුදුසුය. සපත්තු පලඳින්නේ නම් දිනපතා පිරිසුදු මේස් යුගලක් පැලඳීමද ඉතා වැදගත් වේ. නිසි කලට වැඩුණු නියපොතු කපා දැමීම මෙන්ම දිනපතා දෙපාවල සීරීම්, දෙපාවල පැළීම් (Cracks) , දිය බිබිළි මෙන්ම තුවාල තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබට එය කිරීමට අපහසු නම් අවම වශයෙන් වසරකට වරක්වත් සායනයකදී සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ උපකාර ලබා ගැනීම වැදගත් වේ. මෙයට අමතරව මඳ රස්නය සහිත වතුරින් දෙපා සබන් ගා පිරිසුදු කර ගැනීම ඉතා අත්‍යවශ්‍යයි.







