Home සයුරෙන් එහා පුවත් වසරකට රුපියල් කෝටි 2ක බෙහෙත් බිල ගෙවන්න, තමන්ගේ තරුණකම ලෝකයා ඉදිරියේ පරදුවට...

වසරකට රුපියල් කෝටි 2ක බෙහෙත් බිල ගෙවන්න, තමන්ගේ තරුණකම ලෝකයා ඉදිරියේ පරදුවට තැබූ ආදරණීය දියණිය!

0
369
සමාජ මාධ්‍ය හරහා අපිට දිනපතා එක එක විදිහේ පුවත් අහන්න ලැබෙනවා.


ඒ අතරින් සමහර පුවත් තියෙනවා අපේ හදවත් කම්පනයට පත් කරන, ඒ වගේම ඇත්තටම දෛවය මේ තරම් කුරිරුද? කියලා හිතෙන. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ මුළු ලෝකයේම අවධානය දිනාගත්, ඒ වගේම දැඩි කතාබහකට ලක්වුණු 20 හැවිරිදි තරුණියකගේ සංවේදී කතාවක්.

ඇගේ නම කැත්රිනා රෝස් (Katrina Rose). ඇරිසෝනා ප්‍රාන්තයේ පදික වේදිකාවක ඉතාමත් සරල හීන දකිමින් ඇවිද ගිය මේ තරුණියගේ ජීවිතය එක රැයකින් උඩුයටිකුරු වුණේ ඇය හිතපු නැති විදිහටයි.

හැමදේම පටන් ගත්තේ කැත්රිනාගේ පණ වගේ ආදරේ කරන තාත්තා, ජෙරී රැකියාව කරන අතරතුර මුහුණ දුන් දරුණු අනතුරකින්. උසක සිට බිමට වැටීම නිසා ඔහුට දරුණු ලෙස ආඝාතය තත්ත්වයක් ඇති වුණා. ඉන් නොනැවතුණු දෛවය, මොළයේ ඇතිවූ දියර පිරීමේ තත්ත්වයක් නිසා ඔහුව සැත්කම් පෙළකට ඇද දමා, අවසානයේදී ඇල්සයිමර් රෝගියෙකු බවට පත් කළා.

තමන්ව කරේ තියන් හදපු, ලෝකයේ ඉන්න හොඳම තාත්තා දවසින් දවස තමන් කවුද කියලා පවා අමතක කරද්දී, ඒ දෙස බලා ඉන්න දියණියකගේ හිතට දැනෙන වේදනාව වචන කරන්න බැහැ.
තාත්තාගේ මොළයේ සැත්කම් සහ මතකය රැකගැනීමේ ප්‍රතිකාර සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් 75,000කට වඩා, ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වුණා. ඒ වෙද්දී සාමාන්‍ය ග්‍රොසරි ස්ටෝර් එකක වැඩ කරපු කැත්රිනාට ලැබුණු සොච්චම් පඩියෙන් තාත්තාට බෙහෙත් පෙත්තක්වත් ගන්න බැරි තැනට ඇය අසරණ වුණා.

අම්මා ජීවිතෙන් මගහැරිලා ගිහින්, සහෝදරයෝ වෙනත් ප්‍රාන්තවල පදිංචි වෙලා ඉද්දී, කැත්රිනා තමන්ගේ රස්සාවත් අතඇරලා තාත්තාගේ පූර්ණකාලීන සාත්තු සේවිකාව වුණා. හැබැයි ප්‍රශ්නය ඉවර වුණේ නැහැ… තාත්තාගේ ජීවිතය රැකගන්න සල්ලි ඕනෙම වුණා.

සල්ලි හොයන්න කිසිම මගක් නැති තැන, තාත්තාගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ආත්මගෞරවය සහ තරුණකම ලෝකයක් ඉදිරියේ පරදුවට තියන්න කැත්රිනා තීරණය කළා. ඇය OnlyFans කියන වැඩිහිටියන් සඳහා වන වෙබ් අඩවියට එකතු වුණා.

තමන් සතු වටිනාම දේ, තමන්ගේ ශරීරය පිරිමින්ට විකුණලා හරි තාත්තාගේ බෙහෙත් වලට යන සල්ලි හොයන්න ඇය තීරණය කළා. ප්‍රතිඵලය වුණේ ඇය මාසෙකට ඇමෙරිකානු ඩොලර් 20,000 – 25,000 අතර (ලංකා මුදලින් ලක්ෂ 60කට වඩා වැඩි) මුදලක් උපයන්න පටන් ගැනීමයි.

අද කැත්රිනාගේ තාත්තා ලෝකයේ තියෙන හොඳම සත්කාරක මධ්‍යස්ථානයක 24 පැය පුරාම විශේෂඥ වෛද්‍ය රැකවරණය යටතේ සුවපහසුවෙන් ඉන්නවා. කැත්රිනාට පුළුවන් වුණා තමන්ගේ හීන, තමන්ගේ තරුණ කාලය බිලි දීලා හරි තමන්ගේ තාත්තාගේ හුස්ම ටික රැකගන්න.

සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් ඇයට අසභ්‍ය වචනවලින් බනිද්දී, තවත් පිරිසක් ඇය දෙස බලන්නේ අනුකම්පාවෙන් සහ ගෞරවයෙන්.

මුහුණු පොත ඇසුරෙන්…

Previous articleතමන්ගේ වදාපු අම්මාවත් දන්නෙ නැ පුතා මෙහෙම කෙනෙක් කියලා, එයා මියගියාට පස්සෙ තමයි මුළු රටක්,මුළු ලෝකයක් දැනගත්තේ මෙයා මෙහෙම කෙනෙක් කියලා..ඒ ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleඔබේ රුධිර නාලිකාත් කොලෙස්ටෙරෝල් නැතුව පිරිසිදු කර ගන්න කැමතිද? එහෙනම් මෙන්න මේ දේවල් ආහාරයට ගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights