“මගේ ළමයා හම්බවෙනකොට ඩොක්ටර්ස්ලා කිව්වා අම්මට මේ ළමයා හදන්න බෑ විටමින් දෙන්න ඕනි කියලා.මම කිව්වා පාරේ හිගා කෑවත් මම දරුවව දෙන්නෙ නෑ කාටවත් මම හදනවා කියලා.හරියට කෑමක් නැ අපිට ඔය එළබටු,කංකුං කාලා තමයි දරුවො හැදුවේ.
ගමේ අයවත් දැනගෙන හිටියෙ නෑ මෙයා මෙහෙම කෙනෙක් කියලා, මොකද ගමේ ආවම සරම ඇඳගත්තා, සෙරෙප්පු නෑ,අත් ඔරලෝසු නෑ.එයා රගපෑවේ නැ මං හමුදාවේ මං මෙහෙමයි කියලා.
ගමේ අය කිව්වා ඔය කොහේ හරි ඈතක වැඩපොළක වැඩ ඇති කියලා,මි.ය ගියාට පස්සෙ තමයි මුළු ලෝකයක් දැනගත්තෙ මෙ ළමයා මෙහෙම කෙනෙක් කියලා අඩුම තරමේ වෙච්ච මං වත් දන්නෙ නෑ…”
“නීරෝ” නම් වූ ඒ අසමසම ඉලක්ක වෙ.ඩික්කරු ගැන ඔහුගේ මව එලෙස පැවසිය! 🙏🇱🇰
ලංකාවේ යුද ඉතිහාසය උඩුයටිකුරු කළ “නීරෝ” (Nero) යන නම ඇසූ පමණින් එදා සතුරන් පවා බියෙන් වෙවුලා ගියේය. ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරී II රංජිත් ප්‍රේමසිරි වන ඔහු, ස්නයිපර් අවියෙන් සතුරන් විශාල ප්‍රමාණයක් ඉලක්ක කළ දක්ෂයෙකි.
තමන්ගේ ජීවිතයට වඩා රට ගැන සිතූ ඔහු, 2009 අප්‍රේල් 28 වන දින පුදුකුඩීඉරිප්පු සටන් බිමේදී දැයෙන් සමුගත්තේය.යුද්ධය නිමවීමට මෙතරම් ආසන්නව තිබියදී ඔහු කළ ඒ උත්තරීතර පරිත්‍යාගය අප කිසිදා අමතක නොකරමු!
නිවන් සුව අත්වේවා වීරයාණනි!🙏
-Supun Liyanarachchi-










