Home තරු ගොසිප් “ඇසෙන දේට වඩා දකින දේ විශ්වාස කරන්න.. ” චීනය හා ශ්‍රී ලංකා...

“ඇසෙන දේට වඩා දකින දේ විශ්වාස කරන්න.. ” චීනය හා ශ්‍රී ලංකා මිත්‍රත්වය ගැන මෙන්න වෙනස්ම කතාවක්…

0
412
මේ හරිම සුන්දර කතාවක්. චීනය හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ අපූරු සම්බන්ධයක්.

අන්න ඒ සම්බන්ධයත් එක්ක ඇති වුණු මිත්‍රත්වයේ පාලම මේ රටවල් දෙක අතර ඇති බැඳීම වසර ගණක් ලස්සන කරනවා.


ඉතින් මේ අන්න ඒ වෙනුවෙන් කරගෙන යන තවත් එක් වැඩක් ගැන තමයි මේ කතාව.. මේ ලස්සන රටේ සුන්දරත්වය, සංස්කෘතිය ඇත්තටම හරි වෙනස්.

ඉතින් ඒ එක්කම චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති මේ බැඳීමත් එක්ක ඔවුන් ශ්‍රී ලාංකිකයන්ට මේ අවස්ථාව වෙනස් විදිහකට ලබාදෙන්නේ මීට ටික කලකට පෙර සිටමයි.

“ඇසෙන දේට වඩා දකින දේ විශ්වාස කරන්න.. ” මෙන්න මේ කියමනත් එක්ක ඉදිරියට යන චීනය අපේ රටේ සුවිශේෂී තරු ගොන්නක් එකතු කරගෙන ඒ සංකල්පය මෙන්න මේ විදිහට ක්‍රියාත්මක කරන්න හිතලා..

මීට පෙරත් මේ වගේ වැඩසටහන් ගැන ඔවුන් අත් හදාබැලීම් සිදුකරලා තියනවා. ඒ වැඩසටහන යටතේ මුලින්ම මේ අවස්ථාව හිමි කරගන්න වාසනාවන්ත වෙන්නේ සාරංග සහ දිනක්ෂි.

ඒ වැඩසටහන සාර්ථක වුණාට පස්සේ ඊළඟට ඔවුන්ගේ අවදානය යොමුවෙන්නේ සමාජමාධ්‍ය තුළ කැපී පෙනෙන ලෝචනා ජයකොඩි, එහෙම නැත්නම් අපි කවුරුත් හඳුන්වන ලෝචි..

එය ටිකක් වෙනස් විදිහක අත්දැකීමක් වුණා කියලා තමයි මේ සංකල්පය ගැන කතා කරන අය නම් කියන්නේ.. ඉතින් තවත් පියවරක් ඉදිරියට ගිහින්, තුන්වන වසරේදී මේ වැඩේ එක්ක එකතු වෙන්නේ ශනුද්‍රි ප්‍රියසාද්..

ඉතින් මෙවර එහි මුහුණුවර කෙටි නාට්‍ය විලාසයක් ගන්නවා. ඒ අලුත් අත්දැකීමත් එක්ක එක්වෙන්න ඔබටත් ඔන්න දැන් හැකියාව තියනවා… 

Previous articleසතුන් කොච්චර හීලෑ වුණත් විශ්වාස කරන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි! මුළු ලෝකයම හඬවන සංවේදී ඛේදවාචකය!
Next articleඅක්කා තෑග්ග ගත්තා… ඒත් මුළු ශාලාවම හෙව්වේ චලනිව නව නිපැයුම්වලින් රටක් දිනන්න තිබුණු චලනි… අද මතකයක් පමණයි..
error: Content is protected !!
Verified by MonsterInsights