අන්න ඒ සම්බන්ධයත් එක්ක ඇති වුණු මිත්‍රත්වයේ පාලම මේ රටවල් දෙක අතර ඇති බැඳීම වසර ගණක් ලස්සන කරනවා.
ඉතින් ඒ එක්කම චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති මේ බැඳීමත් එක්ක ඔවුන් ශ්‍රී ලාංකිකයන්ට මේ අවස්ථාව වෙනස් විදිහකට ලබාදෙන්නේ මීට ටික කලකට පෙර සිටමයි.
මීට පෙරත් මේ වගේ වැඩසටහන් ගැන ඔවුන් අත් හදාබැලීම් සිදුකරලා තියනවා. ඒ වැඩසටහන යටතේ මුලින්ම මේ අවස්ථාව හිමි කරගන්න වාසනාවන්ත වෙන්නේ සාරංග සහ දිනක්ෂි.
ඒ වැඩසටහන සාර්ථක වුණාට පස්සේ ඊළඟට ඔවුන්ගේ අවදානය යොමුවෙන්නේ සමාජමාධ්‍ය තුළ කැපී පෙනෙන ලෝචනා ජයකොඩි, එහෙම නැත්නම් අපි කවුරුත් හඳුන්වන ලෝචි..
එය ටිකක් වෙනස් විදිහක අත්දැකීමක් වුණා කියලා තමයි මේ සංකල්පය ගැන කතා කරන අය නම් කියන්නේ.. ඉතින් තවත් පියවරක් ඉදිරියට ගිහින්, තුන්වන වසරේදී මේ වැඩේ එක්ක එකතු වෙන්නේ ශනුද්‍රි ප්‍රියසාද්..
ඉතින් මෙවර එහි මුහුණුවර කෙටි නාට්‍ය විලාසයක් ගන්නවා. ඒ අලුත් අත්දැකීමත් එක්ක එක්වෙන්න ඔබටත් ඔන්න දැන් හැකියාව තියනවා…




















