Home දේශිය පුවත් සීදූවේ නිවසකින් ආපු මහා දුර්ගන්ධය පස්සේ ගිය පොලිසියට හමුවුණු මුළු ඇඟම සීතල...

සීදූවේ නිවසකින් ආපු මහා දුර්ගන්ධය පස්සේ ගිය පොලිසියට හමුවුණු මුළු ඇඟම සීතල කරවන ලොකු බෑගය

0
604

මුළු මහත් ශ්‍රී ලංකාවම කම්පා කරවන අතිශය බිහිසුණු සහ අභිරහස් ඝාතන පුවතක් සීදූව පොලිස් වසමෙන් වාර්තා වනවා.

මීට පෙර චිත්‍රපටවල පමණක් දැක තිබූ ආකාරයේ දරුණු මිනීමැරුමක් සීදූව, මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසකින් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඊයේ (20) සවස මූකලන්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසකින් අධික දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් විසින් සීදූව පොලිස් ස්ථානයට තොරතුරක් ලබා දී තිබුණා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම නිවස පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

නිවස ඇතුළට ගිය පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වී ඇත්තේ මුළු ඇඟම සීතල වී යන දසුනක්. නිවසේ තිබූ එක් නිදන කාමරයක දමා තිබූ ලොකු “ගමන් බෑගයක්” පරීක්ෂා කිරීමේදී, ඒ තුළ ඉතාමත් අමානුෂික ලෙස සඟවා තිබූ කාන්තා මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම නිවසේ තනිවම පදිංචිව සිටි අවුරුදු 79ක් වයසැති මූකලන්ගමුව, සීදූව ප්‍රදේශයේ පදිංචි මිත්තණියක් බවයි පොලිසිය පවසන්නේ.

මේ ඝාතනය නිකම්ම නිකන් කේන්තියට කරපු එකක් නෙවෙයි, සෑහෙන්න ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඝාතකයා විසින් නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කර ඇති අතර, කාටවත් ඇමතුම් ලබාගත නොහැකි වන සේ නිවසේ දුරකථන රැහැන් පවා කපා දමා තිබෙනවා.

කෙසේ වෙතත්, වයෝවෘද්ධ මවක් ඝාතනය කර බෑගයක දැමූ මොහුව නීතියෙන් බේරී සිටීමට සීදූව පොලිසිය ඉඩ තබා නැහැ. ක්ෂණික විමර්ශන ක්‍රියාත්මක කරමින් මේ වන විට වයස අවුරුදු 42ක් වන ප්‍රධාන සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මේ ම්ලේච්ඡ ඝාතනයට හේතුව කොල්ලකෑමක්ද නැතහොත් වෙනත් පෞද්ගලික ආරවුලක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

Previous articleකැලණි ගඟ සහ කළු ගඟ අද්දර අයට වාරිමාර්ගෙන් හදිසි පණිවිඩයක්! ඊළඟ පැය 24 ඇතුළත වෙන්න යන දේ මෙන්න!
Next articleරෝහල් කාමරයෙන් ලෝක වේදිකාවට: ‘ගුරුළු ඇඳුමෙන්’ ලෝකයම මවිත කළ මාතර සුජාතාවේ දොස්තර නෝනා!
error: Content is protected !!
Verified by MonsterInsights