Home දේශිය පුවත් යුද්ධය ඉවරවී වසර 17කට පසු හෙළිවූ රහස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගැන මෙතෙක්...

යුද්ධය ඉවරවී වසර 17කට පසු හෙළිවූ රහස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගැන මෙතෙක් කවුරුත් නොදන්නා සත්‍යය මෙන්න!

0
723

ඊයේ තමයි ලංකාවේ බොහෝ දෙනෙක් මේ කතාව දැනගත්තේ. මව්බිම වෙනුවෙන් යුධ පිටියේදී සිදුවුණු දරුණු ආබාධ නිසා මෙතුමාගේ “දකුණු කන” සදහටම ඇහෙන්නේ නැහැ කියලා…

​පුදුමය කියන්නේ, ඒ සත්‍යය අපි දැනගන්නේ යුද්ධය ඉවරවෙලා වසර 17 කටත් පස්සේ. ලංකාවේ බොහෝ දෙනෙක් අදටත් මේ ගැන අහලා නැතුව ඇති.

​ශරීරය පුරා තවමත් ඉතිරිව ඇති යුධ මතකයන්

​එපමණක් නොවෙයි, එදා යුධ පිටියේදී සතුරන්ගෙන් එල්ල වූ ප්‍රහාර නිසා ශරීරයට ඇතුළු වූ යකඩ කෑලි 32 කට වඩා තවමත් මෙතුමාගේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒවා තියෙන්නේ ශල්‍යකර්ම මගින්වත් ඉවත් කරන්න බැරි ඉතා අවදානම් සහගත ස්ථානවල…

​මේ සටහන ලියන්න හිතුනේ එකම එක දෙයක් නිසයි.

​”කවමදාකවත් තමන්ගේ කෑල්ලෙන් කෑල්ල වෙන්වී ගියත්, මේ වීරයෝ අවසානය දක්වා රට වෙනුවෙන් සටන් කළා මිසක්… තමුන්ගේ තුවාල, තමුන් විඳින වේදනාවන් ගැන රටේ මිනිස්සුන්ට කිය කියා අනුකම්පාව හිඟා කන්න ගියේ නැහැ.”

​ඒ හැම වේදනාවක්ම ඔවුන් නිහඬවම දරා ගත්තා…

​එවැනි “උත්තරීතර මනුස්සයෙකුට” සහ සැබෑ වීරයෙකුට කරන ගෞරවයක් වශයෙන් මෙවැනි සටහනක් ලියා තැබීම අපේ යුතුකමක්.

​ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයණෙනි…
අපගේ ජීවිත සහ මේ පින්බර මව්බිම වෙනුවෙන් ඔබතුමා නිහඬවම කරපු ඒ අසිරිමත් කැපකිරීම් වලට ඔබට අනේක වාරයක් ස්තූතියි! ඔබට පින්…! 🇱🇰💚❤️

උපුටා ගැනීමකි

Previous articleරෝහල් කාමරයෙන් ලෝක වේදිකාවට: ‘ගුරුළු ඇඳුමෙන්’ ලෝකයම මවිත කළ මාතර සුජාතාවේ දොස්තර නෝනා!
Next articleදියවැඩියාව සහ රෝග රාශියක් හොඳ කරන බණ්ඩක්කා සත්කාරය ගැන දැනගන්න.
error: Content is protected !!
Verified by MonsterInsights