Home දේශිය පුවත් මනුෂ්‍යත්වයට ජාති ආගම් නෑ ..රුපියල් 2750 ක අසාධාරණයට ලංගම බස් රියදුරු වෙනුවෙන්...

මනුෂ්‍යත්වයට ජාති ආගම් නෑ ..රුපියල් 2750 ක අසාධාරණයට ලංගම බස් රියදුරු වෙනුවෙන් මගීන් කළ උතුම් මෙහෙවරක් ගැන ඇසෙන අපූරු කතාව මෙන්න.

0
4

උදේ පාන්දර නුවර පදියපැලැලේ ඉඳන් ගාල්ල බලාපොරොත්තුවෙන් පාරට බැස්ස ලංගම බස් එකේ මගීන්ට සහ කාර්ය මණ්ඩලයට ලැබුණේ හිතාගන්නවත් බැරි අත්දැකීමක්. ගමන හොරණ හරියෙන් යද්දී, ඒකට ඉස්සර කරන්න ආපු පෞද්ගලික බස් එකක ගැටිලා ලංගම බස් එකේ පැති කණ්ණාඩිය කැඩී ගියා. සාමාන්‍යයෙන් ඔන්න ඔය වගේ සුළු සිදුවීමකදී දෙපාර්ශ්වයම කතා කරලා විසඳගත්තත්, අර ප්‍රයිවට් බස් එකේ ඩ්‍රයිවර්යි කොන්දොස්තරයි බස් එක හරස් කරලා පාර මැද මහ ලොකු වලියක් දාන්න පටන් ගත්තා.

අවසානේ මොකද වුණේ? මගීන් බස් එකේ ඉන්න නිසා වැඩිදුර ප්‍රශ්නවලට නොගොස්, අර ප්‍රයිවට් බස් එකේ අය බලෙන්ම වගේ ලංගම බස් ඩ්‍රයිවර්තුමාගෙන් රුපියල් 2750 ක මුදලක් අලාභය විදිහට අරන් තිබුණා. මගීන්ට තවදුරටත් පරක්කු වෙන්න දෙන්න බැරි නිසා, අර අහිංසක ලංගම ඩ්‍රයිවර්තුමා තමන්ගේ සාපේක්ෂව අල්ප මුදලින් ඒක ගෙවලා ආපහු නුවර යන්න බස් එක පටන් ගත්තා.

ඒත් කතාවේ හැරවුම් ලක්ෂය පටන් ගත්තේ ඊට පස්සේ. බස් එක ටික දුරක් යද්දී, සිංහල භාෂාව හරියටම කතා කරගන්නත් අමාරු මනුස්සයෙක් බස් එකේ ඉස්සරහට ආවා. ඔහු මගීන්ට තේරුම් කරලා දුන්නා ඩ්‍රයිවර් මහත්තයට වුණු අකරතැබ්බය සහ ඒ අසාධාරණය ගැන. “කැමති අය පුළුවන් නම් උදව්වක් කරන්න” කියලා ඔහු ඉල්ලා සිටියා.

පුදුමේ කියන්නේ, ඒ මොහොතේ බස් එකේ හිටපු මගීන් කිසිම දෙයක් නොපැකිළිව ඉදිරිපත් වුණා. අන්තිමේදී ඒ පුංචි මුදල් එකතුවෙන් රුපියල් 2850 ක් එකතු කරලා ඩ්‍රයිවර්ට දෙන්න මගීන්ට පුළුවන් වුණා. මනුෂ්‍යත්වයට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් අදාළ නැහැ කියන එක මේ විදිහට පෙන්වල දුන් මොහොමඩ් සකීර් මහතාට සහ ඒ උදව්වට අත්වැල් බැඳගත් සියලුම දෙනාට අපේ ආචාරය හිමිවිය යුතුයි!

 

Previous articleවසර 20කට වඩා පැරණි ලෝක වාර්තාවක් අභිබවා ගිය ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරුන්ගේ අපූරු සාර්ථකත්වය ගැන ඇසෙන කතාව මෙන්න!
Next articleතමන්ගේ දරුවෙක්වත් නැති පාසලක පුංචි දරුවන් වෙනුවෙන් දහඩිය හලන ඒ අපූරු මාමා කරන දේ දැක්කම හැමෝගෙම ඇස් උඩ ගියා..
error: Content is protected !!
Verified by MonsterInsights