Home දේශිය පුවත් චාමරගේ හද සසල කළ ගී පද රචකයා: අදටත් නොපෙනෙන මාතර කවි කීර්ති...

චාමරගේ හද සසල කළ ගී පද රචකයා: අදටත් නොපෙනෙන මාතර කවි කීර්ති ස්වාමීන් වහන්සේගේ අපූරු කතාව!

0
133

අපවත් වී වදාළ රඹුක සිද්ධාර්ථ හාමුදුරුවෝ ගැන සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් යන මේ මොහොතේ, අපේ හදවත් සංගීතයෙන් සුවපත් කළ තවත් අමරණීය යතිවරයෙක් ගැන මතක් කරන්න කදිම වෙලාවක්. ඒ, චාමර වීරසිංහ වගේ අපේ ප්‍රියතම ගායකයන්ගේ හිත්වල කවදාවත් නොමැකෙන සුන්දර ගීත රැසක් තිළිණ කළ මාතර කවි කීර්ති ස්වාමීන් වහන්සේ ගැනයි.

‘දකුණේ පින් ඇති පිං බිම’, ‘කිරි වෙහෙරට යන පාරේ’, ‘උඩවැඩියා මලක් වෙලා’, ‘මදුනාගල අහසේ’, ‘වැදූ අම්මා නොවුන මුත් මා’, ‘ලය ගින්දරින් ගිනිගන්නා’ වගේ චාමරගේ සජීවී ගීත මතක් වෙද්දී ඇඟේ මයිල් කිළිපොලා යනවා නේද? ඒ විතරක් නෙමෙයි, කරුණාරත්න දිවුල්ගනේගේ ‘කරඹ මල් පිපී සුවඳයි හේනේ පැල මගේ’, රොෂාන් ප්‍රනාන්දුගේ ‘හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන’ වගේම චන්දන ලියනාරච්චිගේ ‘කිරි වෙහෙරට ඉහළින් දඟ කරන සඳවතී’ කියන අතිශය ජනප්‍රිය ගීතවල පිටුපස සිටි දැවැන්තම පද රචකයා වුණේ උන්වහන්සේයි.

ප්‍රවීණ ගී පද රචක ශෙහාන් ගලහිටියාව සහ සංගීත අධ්‍යක්ෂ ප්‍රියන්ත නාවලගේ වැනි සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් නිමවුණු උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු වූ දිනවල පවා සමාජයට හළ වැටුණේ ඉතාමත් අල්ප තොරතුරු ප්‍රමාණයකුයි. අදටත් උන්වහන්සේගේ ඡායාරූපයක්වත් සොයාගන්න බැරි තරම් තොරතුරු දුර්ලභ වීමම පුදුමයට කරුණක්.

නමුත් අවාසනාවකට මෙන්, 2011 වසරේදී සිදු වූ රිය අනතුරකින් උන්වහන්සේ අපවත්වී වදාළා. අද සිද්ධාර්ථ හාමුදුරුවෝ වගේම කවි කීර්ති හාමුදුරුවොත් අප අතර නැතත්, ඔවුන් අපේ මනසට දුන් ඒ සංගීතමය සුවය නම් කදාදාත් මැකෙන්නේ නැහැ. අපේ රටට අහිමි වූ ඒ පුණ්‍යවන්ත බුද්ධ පුත්‍රයාට උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා! 💐

මෙවැනි විශිෂ්ට කලාකරුවන්ගේ නිර්මාණ අදටත් ඔබේ මතකයේ රැඳී ඇත්තේ කොහොමද? ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න. 👇

Previous articleඑයාගේ ලස්සන බලන්නකෝ ..වසර 25කට පසු මඟුලැතු තනතුරට.. ජනරාජා යළිත් සඳගල මත තැබූ පා සටහනේ අසිරිමත් මොහොත!❤️🥹🙏🐘
Next articleවාහනයක් කියන්නේ යකඩ ගොඩකට වඩා එහා ගිය හැඟීමක්.. අද මගේ වාහනේ වෙනුවෙන් ඔයා දුන්නු ඒ සහයෝගය, ඒ වටිනා කාලය ” මගේ හදවතටම දැණුනා…මනෝජ් සංජය තැබූ සංවේදී සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights