Home දේශිය පුවත් “මිල මුදලට කටහඬ අලෙවි නොකළ අපේ අම්මා”: නන්දා මාලනිය ගැන කන්නෝරුවේ සිරිධම්ම...

“මිල මුදලට කටහඬ අලෙවි නොකළ අපේ අම්මා”: නන්දා මාලනිය ගැන කන්නෝරුවේ සිරිධම්ම හිමියන් පැවසූ අපූරු කතාව ..

0
5

ශ්‍රී ලංකීය සංස්කෘතිය තුළ නන්දා මාලිනී කියන්නේ තනිකරම එක් යුගයක්. රටේ අසභ්‍ය සංස්කෘතියට එරෙහිව, උපනූපන් පරපුරේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇය තම හඬ නිර්භීතව අවදි කළා යැයි කන්නෝරුවේ සිරිධම්ම හිමියෝ මාධ්‍ය නාලිකාවක් වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා. කවදාවත් තමන්ගේ ඒ අසහාය කටහඬ මුදලට හෝ ලාභ ප්‍රයෝජනවලට යටපත් කර අලෙවි නොකිරීම ඇය සතු විශේෂිත ගුණාංගයක් බවයි උන්වහන්සේ සිහිපත් කරන්නේ.

ඇයගේ ඒ අපූරු නිහතමානීකම මනාව පැහැදිලි වන සිදුවීමක් ගැනද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා. උඩුවේ හාමුදුරුවන්ගේ පන්සලේදී වීඩියෝ කෝල් එකක් හරහා සම්බන්ධ වූ අවස්ථාවක, දැඩි අසනීප තත්වයෙන් පසුවුවද, ගීතයක් ගායනා කරන ලෙස කළ ඉල්ලීම ඇය කිසිදු පැකිළීමකින් තොරව ඉටු කර තිබෙනවා.

මව්පියන් මෙන් අප රටේ ජනතාව රැකගත්, සංස්කෘතියේ සංකේතයක් වූ නන්දා මාලනියගේ ගුණ ගැයීමට අපගේ වචන කොතරම් නම් දුප්පත්ද!

Previous article“මට සමහර වෙලාවට අම්මා කෙනෙක් වගේ හිටියා…”: නන්දා නැන්දා ගැන සමිතා මුදුන්කොටුව හදාවලළමින් පැවසූ අතීත මතක
Next articleබස් එකකදී ඇස් අගට කඳුළක් ගෙනަ අපූරු මිනිස්කමක කතාව
error: Content is protected !!
Verified by MonsterInsights