Home දේශිය පුවත් බස් එකකදී ඇස් අගට කඳුළක් ගෙනަ අපූරු මිනිස්කමක කතාව

බස් එකකදී ඇස් අගට කඳුළක් ගෙනަ අපූරු මිනිස්කමක කතාව

0
3

අපේ රටේ මඟී බස් රථවල ගමන් කරනකොට විවිධ අත්දැකීම් දකින්න ලැබෙනවා. මගීන්ගේ බස් ගාස්තු එකතු කරමින්, ටිකට් පත් නිකුත් කරමින් කාර්යබහුල ලෙස දවස ගෙවන කොන්දොස්තර මහත්වරුන් අතරේ ඉඳහිට හමුවන අපූරු මිනිසුන් අපේ සිත් උණු කරන්න සමත් වෙනවා. එවැනි හෘදයාංගම සිදුවීමක් ගැන ධනුෂ්ක අතුකෝරල නම් තරුණයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

ඒ 2026 වසරේ අගෝස්තු මස 20 වැනිදාය. එදින හාලිඇල ටොයෝටා ලංකා ආයතනය අසලින් බදුල්ල බලා ධාවනය වන සීටීබී (CTB) බස් රථයකට නැගගත් ධනුෂ්කට අමතක නොවන අත්දැකීමක් මුහුණපාන්නට ලැබී තිබේ.

එම බස් රථයේ වයස අවුරුදු 70 ක පමණ වැඩිහිටි සීයා කෙනෙක් ගමන් කරමින් සිට ඇත. හදිසියේම ඒ සීයාගේ අතේ තිබූ කුඩා බටන් ෆෝන් එක බිමට වැටී එහි කෑලි එකිනෙක ගැලවී විසි වී ගොස් තිබේ. බස් එකේ සිටි පිරිස වහා ක්‍රියාත්මක වී බිමට වැටුණු ෆෝන් කෑලි අහුලා සියාගේ අතට ලබා දුන්නද, එය නැවත ක්‍රියාත්මක කර ගැනීමට සීයාට හැකි වී නැත.

අමාරුවේ වැටුණු සීයා අවසානයේ බස් එකේ කොන්දොස්තර මහතා ළඟට ගොස් මෙම දුරකථනය හදා දෙන ලෙස ඉල්ලා ඇත. ඒ මොහොතේ බස් එකේ මගීන්ගෙන් හොඳටම සෙනඟ පිරී තිබුණද, කොන්දොස්තරවරයා කිසිදු කෝපයකින් තොරව, අතිශයින්ම නිහතමානී ලෙස ඒ වැඩිහිටියාගේ දුරකථනය අතට ගෙන ඇත. සිම් කාඩ්පත නිසි පරිදි නොවැටීම නිසා එය දෙතුන් වතාවක්ම ගලවා නැවත සවිකරමින්, මහත් උත්සාහයකින් ඔහු එම දුරකථනය ක්‍රියාත්මක කර සියාට ලබා දී තිබේ.

මේ සියල්ල පිටුපස සිට රහසිගතව ජායාරූපයට නගාගත් ධනුෂ්ක පවසන්නේ, මෙවැනි නිහතමානී සහ මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් අප සමාජයේ අගය කළ යුතු බවයි. තමන් මේ අයුරින් ඡායාරූපයක් ගත්තා යැයි ඒ කොන්දොස්තර මහතා නොදන්නා මුත්, ඔහු මේ ලිපිය දකින මොහොතක සතුටට පත් වනු ඇති බව නිසැකයි.

Previous article“මිල මුදලට කටහඬ අලෙවි නොකළ අපේ අම්මා”: නන්දා මාලනිය ගැන කන්නෝරුවේ සිරිධම්ම හිමියන් පැවසූ අපූරු කතාව ..
Next article“සුදු පරවියෙක් වගේ සුදු හැර වෙන පාටකින් ඈ දැකලා නෑ…”: මාධවී ඇන්තනී නන්දා නැන්දා ගැන තැබූ සංවේදී මතකය
error: Content is protected !!
Verified by MonsterInsights