Home තරු ගොසිප් තාත්තා එක්ක ගත්ත පළවෙනි ෆෝටෝ එක..කුඩා කාලයේ සිටම සිහිනයක් වූ ලස්සනම හීනය...

තාත්තා එක්ක ගත්ත පළවෙනි ෆෝටෝ එක..කුඩා කාලයේ සිටම සිහිනයක් වූ ලස්සනම හීනය හැබෑ කරගත් යෝහානී ඒ ගැන තැබූ සංවේදී සටහන මෙන්න.

0
7

ජීවිතේ සමහර දින එනවා, මුළු අතීතයේම වේදනාවන් එකවර අමතක කරලා හදවතට අප්‍රමාණ සතුුවක් ගෙනෙන. ගොඩක් දරුවන්ට තාත්තා කියන්නේ දකුණු අත වගේ ලඟින්ම ඉන්න ආරක්ෂාවක් වුණත්, හැම දරුවෙකුටම ඒ වාසනාව පොඩි කාලේ ඉඳන්ම පිහිටන්නේ නැහැ. හරියට මේ අපූරු මතකය නිර්මාණය කරපු යොහානි හෙට්ටිආරච්චිට වගේ.

තමන්ගේ උපාධි ප්‍රදානෝත්සව දවසේ ගත්තු විශේෂිත ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක් කරමින් ඇය තැබූ සටහනක් මේ දිනවල අන්තර්ජාලය තුළ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙලා තියෙනවා. “පොඩි කාලෙ ඉදන් තාත්තා ළග හැදෙන්න බැරි උන දුවෙක් දන්නවා තාත්තා එක්ක ගන්න පළවෙනි photo එකේ වටිනාකම…” කියලයි ඇය ඒ සටහන තැබුවේ.

උපාධි ඇඳුමින් සැරසිලා, අතේ මල් කළඹකුත් තියාගෙන තාත්තාගේ උරහිසට බර වෙලා ඉන්න යොහානිගේ මුහුණේ තියෙන ඒ හිනාව ඇතුළේ ජීවිතයම දිනපු ගැඹුරු සතුටක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් තාත්තාගේ සෙවනේ හැදෙන්න ලැබුණේ නැති වුණත්, ජීවිතයේ ඉහළම ජයග්‍රහණයක් ලබන මොහොතක ඒ හිඩැස යම් තරමකට හෝ පුරවාගන්න ඇයට ලැබීමම ලොකු භාග්‍යයක්.

තාත්තා කෙනෙක්ගේ ආදරය අහිමි වුණු, නැතහොත් විවිධ හේතු නිසා පියාගෙන් දුරස්ව හැදුණු ඕනෑම දරුවෙකුට මේ හැඟීම හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසාම වෙන්න ඇති, යොහානිගේ මේ හද කම්පා කරවන සුන්දර සටහනට දහස් ගණනක් අදහස් සහ ප්‍රතිචාර එකතු වෙමින් තියෙන්නේ. ජීවිතයේ අභියෝග කොතරම් තිබුණත්, උත්සාහයෙන් ඉදිරියට ගොස් මව්පියන්ගේ මුහුණට හිනාවක් ගෙන ඒම තරම් වෙනත් භාග්‍යයක් නැහැ කියන එක ඇය නැවතත් අපට මතක් කර දීලා තිබෙනවා.

Previous articleරෝහල් ඇඳ මතදීත් රසිකයෙක් වුණු දොස්තර මහත්තයාව ළඟට ඇදගත් ඒ මහඟු මනුෂ්‍යත්වය.. විශාරද නන්දා මාලනී වෙනුවෙන් ලියවුණු ඔහූ තැබූ සංවේදී සටහන මෙන්න.
Next articleඅම්මලාට දුන් පොරොන්දු මහපාරේදීම බොඳව ගිය හැටි..ක්ලාස් ඉවරවෙලා ආයෙත් ගෙදර එන්නම් කිව්ව O/L ලියන්න හිටපු සිසුන් දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights