Home තරු ගොසිප් වසර 8කට පසු ලැබුණු අමතක නොවන ආරාධනාවක් නිසා ඔවුන් ලැබූ සතුට වචන...

වසර 8කට පසු ලැබුණු අමතක නොවන ආරාධනාවක් නිසා ඔවුන් ලැබූ සතුට වචන කල අපූරු කතාව මෙන්න!

0
7

අවුරුදු අටකට පසුව ලැබුණු මංගල උත්සවයක ආරාධනාවක් අපේ මුළු පවුලටම ගෙනාවේ අමතක නොවන සතුටක්. ඒ, ගමේ මම කුඩා කාලයේ සිටම හඳුනන මල්ලි කෙනෙකුගේ විවාහ මංගල්‍යයයි.

අපේ නිවසේ සිට කිලෝ මීටර් 25 ක පමණ දුරකින් පිහිටි මෙම උත්සවයට සහභාගී වීම සඳහා, එම මල්ලි විසින්ම අපට වාහන පහසුකම් සපයා දීම අපේ සතුට දෙගුණ තෙගුණ කළ කාරණයක් වුණා.

අපේ ජීවිතයේ ඇතැම් අවස්ථාවන් මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ගමේ සංවිධානය වන විනෝද චාරිකා හෝ විවිධ උත්සව වැනි සමාජීය කටයුතුවලදී අපේ පුංචි පවුල නිතරම වගේ කොන් වෙනවා. මම ආබාධිත තත්ත්වයක පසු වීම හේතුවෙන් එවැනි අවස්ථාවලදී අපට මුහුණ දෙන්න සිදුවන තත්ත්වය නිසා අප කොතරම් වාරයක් තනිකම සහ අසරණකම අත්විඳ ඇද්ද? විශේෂයෙන්ම අපේ පුතාව එවැනි සමාජ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කරගන්න නොහැකි වන මොහොතක, මටත් මගේ බිරිඳටත් දැනෙන වේදනාව වචනයෙන් විස්තර කරන්න බැහැ.

ඒ නිසාම, ඊයේ දිනය අපේ පවුලේ ජීවිතයේ සුවිශේෂී සහ අතිශයින්ම සතුටුදායක දවසක් බවට පත්වුණා.

Previous articleසධාතුක කරඬුව වැඩම වූ රාජාගේ සෙවණැල්ල: කිලෝමීටර් අනූවක පාගමනින් ගෙවුණු කළු මාමාගේ සහ නැඳුන්ගමුවේ රාජාගේ අප්‍රකාශිත කතාව.
error: Content is protected !!
Verified by MonsterInsights