Home දේශිය පුවත් දරුවෙකුට කිරි ටිකක් දෙන්න තැනක් නැතුව ලත වුණු අම්මලාගේ දුක නිමයි.. නුවරඑළියෙන්...

දරුවෙකුට කිරි ටිකක් දෙන්න තැනක් නැතුව ලත වුණු අම්මලාගේ දුක නිමයි.. නුවරඑළියෙන් ඇසෙන මේ උතුම් වූ මනුෂත්වයේ කතාව මොකද්ද?

0
3

පොදු ස්ථානවලට ගියාම පොඩි දරුවෙක් අඬද්දී, මව්කිරි ටිකක් පොවන්න හරි සනීපාරක්ෂක කටයුත්තක් කරගන්න හරි තැනක් නැතුව අපේ අම්මලා පත්වෙන අමාරුව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. විශේෂයෙන්ම සීතල නුවරඑළිය වගේ සංචාරක නගරයකට දුරබැහැර සිට දරුවෝ තුරුලු කරගෙන එන අම්මලා මේ ප්‍රශ්නෙට කොච්චර නම් මුහුණ දීලා ඇද්ද?

හරියටම මේ අමාරුව තේරුම් අරගෙන, නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේ අපූරු වැඩක් කරලා තියෙනවා. ඒ, අම්මලාට සහ බිළිඳුන්ට අවශ්‍ය සියලු පෞද්ගලික හා ආරක්ෂිත පහසුකම් සහිත විශේෂ ළදරු කිරිදීමේ කාමරයක් (Breastfeeding & Infant Care Room) ඊයේ (24) දින නිල වශයෙන් විවෘත කිරීමයි.

නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ සංකල්පයකට සහ මඟපෙන්වීමට අනුවයි මේ උතුම් කටයුත්ත ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේ අපූරු පරිශ්‍රය ජනතා අයිතියට පත් කරන අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එකතු වී සිටියා.

කාර්යබහුල බස් නැවතුම්පොළක මේ වගේ පෞද්ගලික ඉඩකඩක් හැදීම කියන්නේ නුවරඑළියට එන ලක්වාසී සියලුම අම්මලාට ලැබුණු ලොකුම සහනයක්. අම්ම කෙනෙකුගේ ආත්මගෞරවය වගේම පුංචි දරුවෙකුගේ කුසගින්න කියන්නේ ගෞරවයෙන් සැලකිය යුතු දෙයක්.

මෙවැනි පහසුකම් නුවරඑළියට පමණක් සීමා නොවී, අපේ රටේ සෑම ප්‍රධාන නගරයකම සහ ප්‍රවාහන මධ්‍යස්ථානයකම බිහිවීම අනාගත දරු පරපුරේ සෞඛ්‍යයට කරන හොඳම ආයෝජනයක් වෙනවා නොඅනුමානයි.

Previous articleඅම්මයි නංගිලායි වෙනුවෙන් තරුණ කාලය කැප කළ දිරිය දියණියකගේ කතාව..ලක්ෂ 18ක කුලී ගෙවමින් ඇය අද අරගල කරන හැටි!
Next article“ජාති ආගම්වලට කොටු නොවුණු මිනිස්කම… ජීවිත රැක දෙන්නට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක් දුන් මහඟු දායාදය ගැන ඇසෙන අපූරු කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights