Home දේශිය පුවත් පෙරහැර මැද්දේ පාර මාරු වෙන්න බැතුව හිරවුණු බල්ලාට පිහිට වූ ආදරණීය තරුණියගේ...

පෙරහැර මැද්දේ පාර මාරු වෙන්න බැතුව හිරවුණු බල්ලාට පිහිට වූ ආදරණීය තරුණියගේ උතුම් වූ මනුෂත්වය ගැන ඇසෙන කතාව මෙන්න..

0
9

මහනුවර පෙරහැර කියන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක්වන, දැඩි කලබලකාරී වාතාවරණයක් තියෙන තැනක්. ඔන්න ඔය වගේ වෙලාවක පෙරහැර පාරට ආපු බල්ලෙක් එහාට මෙහාට යන්න මාර්ගයක් නැතුව අසරණ වෙලා හිටපු අපූරු වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. පෙරහැරත් එක්කම පාරේ දෙපැත්තම මිනිස්සුන්ගෙන් පිරී ඉතිරී ගිහින් තිබුණු නිසා, එළියට යන්න හැරුණු මේ සතාට සමහර තැන්වලින් පන්නස්සන්නත් මිනිස්සු උත්සාහ කරලා තිබුණා.

ඒත් ඒ අතරතුර තරුණියක් තමන්ගේ අසලටම ඒ බල්ලාට එන්න ඉඩ දීලා හරිම කරුණාවෙන් ළඟින් වාඩි කරගත්තා. කිසිදු කලබලයකින් තොරව, හරිම විනීත විදිහට ඒ සතාත් අර තරුණිය ළඟින් ඉඳගෙන පෙරහැර දිහා බලාගෙන ඉන්නවා දකිනකොට ඇත්තටම හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මිනිස්සු පිරිච්ච විශාල සමූහයක් මැද්දේ වුණත්, තවත් ජීවියෙක් අසරණ වුණ මොහොතක මනුෂ්‍යකම කියන්නේ මොකක්ද කියලා මේ දරුවා හැමෝටම පෙන්ම දීලා තියෙනවා. අපේ හදවත්වල මෙන්න මේ වගේ සත්ත්ව කරුණාව හැමදාම රැඳුණොත් මේ ලෝකය කොතරම් නම් සුන්දර වෙයිද?

Previous articleජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සම්මාන ලැබූ නර්තන ශිල්පිනී ධනා ජයරත්නගේ අභිමානවත් මොහොත!
Next articleපොලිසියටත් අලියෙක් ළඟටම යන්නපු කතරගම පෙරහැරේ අපූරු සිද්ධියයි, තරුණ හස්ති හිමිකාරිනී මීෂා මිරිහැල්ලගේ කතාවයි!
error: Content is protected !!
Verified by MonsterInsights