Home දේශිය පුවත් පොලිසියටත් අලියෙක් ළඟටම යන්නපු කතරගම පෙරහැරේ අපූරු සිද්ධියයි, තරුණ හස්ති හිමිකාරිනී මීෂා...

පොලිසියටත් අලියෙක් ළඟටම යන්නපු කතරගම පෙරහැරේ අපූරු සිද්ධියයි, තරුණ හස්ති හිමිකාරිනී මීෂා මිරිහැල්ලගේ කතාවයි!

0
16

පසුගිය දිනවල පැවැදුණු පෙරහැර මංගල්‍යයත් සමඟ සමාජ මාධ්‍යවල කතාබහට ලක්වුණු තවත් අපූරු කතාවක් මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා. ඒ කතරගම දේවාල පෙරහැරේ ගිය ‘සුදුමැණිකේ’ ඇතින්න සහ ඇගේ ඇත්ගොව්වා වටා සිව්වන රන්දෝලි පෙරහැර දවසේ සිදුවූ අපූරු සිද්ධියක් මුල් කරගෙනයි.

පෙරහැරට සූදානම් වන අතරතුර තේ එකක් බීලා එන්න ගිය ඇත්ගොව්වාගේ අතේ තිබුණු පිහිය දැකලා පොලිසියෙන් එකපාරටම පාර හරස් කරලා තියෙනවා. තමා දේවාලයේ අලියා බලාගන්නා ඇත්ගොව්වා බවත්, මේක රාජකාරියට අවශ්‍ය දෙයක් බවත් ඔහු හැඳුනුම්පත පවා පෙන්නලා පැහැදිලි කළත් පොලිසිය ඒක පිළි අරන් නැහැ. අන්තිමේදී පොලිසියෙන් කියලා තියෙන්නේ පිහිය ඕන නම් අලියාවම පොලිස් මුරපොළ ළඟට අරන් එන්න කියලා. වෙන කරන්න දෙයක් නැති තැන ඇත්ගොව්වා ඇත්තටම සුදුමැණිකේ ඇතින්නවත් එක්කගෙන පොලිස් මුරපොළ ඉස්සරහට ගිහින් තිබෙනවා. ඒ දර්ශනය දැකලා පොලිස් නිලධාරීන්ටත් කරකියාගයක් නැති තැන, අන්තිමේදී පිහියයි හැඳුනුම්පතයි දෙකම ආපහු භාරදීලා තියෙනවා.

මෙම සිද්ධියත් සමඟම මුළු රටේම අවධානය යොමු වුණේ ලංකාවේ ලාබාලතම හස්ති හිමිකාරිනිය වන මීෂා මිරිහැල්ල දෙසටයි. රටේ දැනට ඉන්න උසම සහ තේජාන්විතම හස්තියා වන ‘ගනේතැන්නේ රාමා’ සහ ‘සුදුමැණිකේ’ ඇතින්නගේ අයිතිකාරිය වන ඇය, මේ දැවැන්තයින් සලකන්නේ ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට නෙවෙයි තමන්ගේම කුසින් වැදූ දරුවන් විදිහටයි. උදේට මීෂාව දකින්න ලැබුණේ නැත්නම් සුදුමැණිකේ දමන යුද්ධයත් එක්ක බලද්දී මේ දෙන්නා අතර තියෙන්නේ පුදුමාකාර සංසාරගත බැඳීමක්.

අපේ සංස්කෘතික උරුමයන් රැකගන්න මීෂා මිරිහැල්ල පවුල කරන කැපවීම වගේම, රෑ දවල් නැතිව මේ සත්ත්වයන් වෙනුවෙන් කැපවෙන ඇත්ගොව්වන්ගේ සේවයත් අද මතක් කළ යුතුමයි.

Previous articleපෙරහැර මැද්දේ පාර මාරු වෙන්න බැතුව හිරවුණු බල්ලාට පිහිට වූ ආදරණීය තරුණියගේ උතුම් වූ මනුෂත්වය ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleකුලය හෝ තනතුර නොසලකා දක්ෂතාවයට සහ ශ්‍රමයට හිස නැමුණු ඒ අපූරු මොහොත ලස්සන කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights