මහත් අසීරුතා මැද ස්වකීය පවුලේ සාමාජිකයන් ආරක්ෂිතව සිටින බව දැනගත් නේපාල තරුණියක්, ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය සහ පරිත්‍යාග අගයමින් සමාජ මාධ්‍ය ඔස්සේ හද උණු කරවන පණිවිඩයක් තබා තිබේ.
දුරකථන සබඳතා බිඳ වැටීම හේතුවෙන් මගදී නිතර කනෙක්ෂන් නැති වී ගියද, තම පවුලේ පිරිස ආරක්ෂිත තැනක රැඳී සිටින බව ඇය සඳහන් කරයි. මෙම අසීරු අවස්ථාවේදී තම රටේ අයට පිහිට වීම පිළිබඳව ඇය බුදුන් වහන්සේට මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සිය හෘදයාංගම ස්තූතිය සහ පිං අනුමෝදන් කර ඇත.
ඊයේ දිනයේ ප්රවෘත්ති හරහා දැකගත හැකි වූ පරිදි ශ්‍රී ලංකාවෙන් නේපාල ජනතාවට විශාල පරිත්‍යාග ප්‍රමාණයක් ලබා දී ඇති බව සිහිපත් කරන ඇය, ශ්‍රී ලාංකිකයන්ගේ ඒ මහත් මනුෂ්‍යත්වය ඉමහත් ආදරයෙන් අගයයි. මේ වන විට නේපාලයේ බොහෝ පිරිසකට කෑම බීම මෙන්ම ඉන්න හිටින්න තැනක් නැතිව අමාරුවෙන් ජීවත් වීමට සිදුව තිබුණද, දුෂ්කර මොහොතක අත්වැලක් වූ ශ්‍රී ලංකාවට කිසිදා වරදින්නේ නැතැයි යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.











