Home දේශිය පුවත් මම රෝහලට එන කිහිමවතාක්ම දැක්කා රෝහලේ රෝද පුටු වල අඩුවක් තියෙනවා කියලා...

මම රෝහලට එන කිහිමවතාක්ම දැක්කා රෝහලේ රෝද පුටු වල අඩුවක් තියෙනවා කියලා ඒක නිසා මන් මගේ බිරිද වෙනුවෙන් සිගමන් යැද රෝද පුටුවක් පරිත්‍යාග කරා..බිරිද වෙනුවෙන් තම යුතුකම් ඉටුකල සුනිල්ගේ කතාව…

0
57

රත්නපුර නගරයේ සිඟමන් යදිමින් ජීවත් වන පුද්ගලයකු විසින්, සිය මියගිය බිරිඳ සිහිපත් කරමින් රුපියල් 27,000ක් වටිනා රෝද පුටුවක් කලවාන මූලික රෝහල වෙත ඊයේ (24) පරිත්‍යාග කර තිබෙනවා.

රත්නපුර නගරයේ ඔසුසලක් අසල සිඟමන් යදින එච්. සුනිල් නමැති මෙම පුද්ගලයා, තමන් සමඟ දිවි ගෙවූ මුනි අම්මා නමැති සිය බිරිඳ වෙනුවෙන් මෙම උතුම් පරිත්‍යාගය සිදු කර තිබුණා.

කලක් රත්නපුර නගරයේ කරත්තයකින් බඩු භාණ්ඩ ප්‍රවාහනය කරමින් ජීවිකාව ගෙන ගිය සුනිල්, වයස්ගත වීමත් සමඟ එම රැකියාව කරගත නොහැකිව සිඟමන් යැදීමට යොමු වූ අයෙක්.

දරුවන් නොමැති මෙම යුවළ එකට සිඟමන් යදිමින් සිට ඇති අතර, පසුව රෝගාතුර වූ මුනි අම්මා අනාථ නිවාසයක සිටියදී මියගොස් තිබෙනවා.

සිය බිරිඳට දැඩි ලෙස ආදරය කළ සුනිල්, ඇයගේ අභාවයෙන් පසුව නගරයට පැමිණෙන කාරුණික ජනතාවගෙන් ලැබෙන සුළු මුදල් එකතු කරමින් ඇය වෙනුවෙන් විවිධ පුණ්‍ය කටයුතු සිදු කිරීමට පෙළඹී තිබුණා.

ඒ අනුව ඔහු මීට පෙර රත්නපුර බස් නැවතුම්පොළෙහි ඔරලෝසු සවි කිරීම සහ පිරිකර පූජා කිරීම වැනි කටයුතුද සිදු කර තිබෙනවා.

මීට පෙර ඔහු නගරයට පැමිණෙන ජනතාවගේ පිපාසය නිවීම සඳහා පිංතාලියක් ඉදිකිරීමේ අරමුණින් රුපියල් 38,000ක පමණ මුදලක් එකතු කරගෙන සිටියදී, මත්ලෝලීන් පිරිසක් විසින් ඔහුව ත්‍රීරෝද රථයක නංවාගෙන ගොස් හිසට බරපතල ලෙස පහර දී එම මුදල් කොල්ලකා ඔහුව මහමඟ දමා ගොස් තිබුණා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් අනතුරුවද සිය උත්සාහය අත්නොහළ සුනිල්, යළිත් සිඟමන් යැද එකතු කරගත් මුදල් ආරක්ෂාව සඳහා තමන් රැඳී සිටින ස්ථානය අසල ඔසුසල වෙත භාර දෙමින් මෙම රෝද පුටුව මිලදී ගැනීමට කටයුතු කළ බවයි පවසන්නේ.

කලවාන මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සුසිල් කුමාරගේ සංවිධායකත්වයෙන් අද පැවති මෙම පරිත්‍යාග කිරීමේ අවස්ථාවට කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් ගමගෙදර ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියා.

Previous articleහිනා වෙන්න පුංචි හේතු තුනක්…” තුන්වැනි දරු ප්‍රසූතියෙන් සති 4කට පසු නෙහාරා තැබූ සංවේදී සටහන සහ කමෙන්ට් සෙක්ෂන් එකේ විවේචකයින්ට මේනකගෙන් අපූරු පිළිතුරක්!
Next articleචිත්‍රපටයකට විතරක් සීමා නොවුණු “Family” බැඳීම මිතුරා මෙලොවින් සමුගත්තත්, අවුරුදු ගාණක් පුරා පෝල් වෝකර්ගේ දියණියව පණ වගේ රකින වින් ඩීසල්ගේ අසීමිත පිය සෙනෙහස..
error: Content is protected !!
Verified by MonsterInsights