Home Uncategorized හද සසල කරවන අලදෙණිය බස් රථ අන.තුර ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න.

හද සසල කරවන අලදෙණිය බස් රථ අන.තුර ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න.

0
58

ෂේන් සෙනෙවිරත්න)

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.

වෙසක් නැරඹීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් යටිහලගල අතුරු මාර්ගයක් ඔස්සේ කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබියදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී හෙළකට පෙරළීමෙන් ඊයේ (12) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

එම අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 30 දෙනකු සිට ඇති අතර අනතුරින් තුවාල ලැබූ 29 දෙනකු රෝහල් ගත කොට ඇතිඅතර මහනුවර ජාතික රෝහලට තුවාලකරුවන් 19 දෙනකුද පෙරාදෙණිය ශික්ෂණ රෝහලට තුවාලකරුවන් 06 දෙනකුද කටුගස්තොට රෝහලට තුවාලකරුවන් 03 දෙනකුද තිත්තපජ්ජල රෝහලට එක් තුවාල කරුවෙකුද ඇතුළත් කොට ඇති බව පවසන පොලිසිය ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව කියයි.

Previous articleඅම්ෂිකාට “විහිළු කලා” යැයි අසත්‍ය පැතිර වූ සිදුවීම ගැන මාලිමාවේ ටියුෂන් ගුරුවරයා විස්තර කරයි
Next articleරංගන ශිල්පි කළණ ගුණසේකරට බුකියෙන් දැඩි විරෝධයක්.
error: Content is protected !!
Verified by MonsterInsights