අද වෙනකොට අපේ රටේ ගොඩක් දෙනෙක් ආහාරපාන ගැන ගොඩක් සැලකිලිමත් කියන එක ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
විශේෂයෙන්ම තෙල් කෑම කනකොට නම් ගොඩක් දෙනෙක් දෙපාරක් හිතනවා.. ඒත් අපේ ශරීරයටත් තෙල් අවශ්‍යයි.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඔබට වැදගත් වෙන කතවත් එක් කතාවක්..
තෙල්වලට බය වෙන්න එපා…
තෙල් කන්නම ඕන..
ඇයි… තෙල් කෑවොත් විතරයි තෙල් දහනය වෙන්නේ.. නැත්නම් ඇඟේ තියෙන තෙල් ඉතුරු කරගෙන, ආහාරයේ තියෙන සීනි පාන්පිටි බත් තමා ශක්තිය සඳහා දහනය කරන්නේ..
මොනවද හොඳ තෙල්
පොල්තෙල්, බටර්, පොල්සම්බෝල.
වෙන අනම් මනම් එපා…
මාගරින් ආහාරවලට එකතු කරගන්න එපා.. ඒ මේද තැවවුම් ශරීරයට අහිතකරයි…
අනික තෙල් කෑවම බඩගින්න අඩුවෙනවා.. ඉක්මනින් කෑවා ඇති කියලා දැනෙනවා.. ගොඩක් වෙලා යනකම් බඩගිනි වෙන්නෙ නෑ..
ඒ නිසා බය නැතුව තෙල් ආහාරයට එක් කරගත්තාට වරදක් නැහැ..
මේ ටික මාසයක් පුළුවන් විදිහට කරලා බලන්න..
එක මාසෙකට මැරෙන්නෙ නෑ නේ…
ලෝකේ ලේසිම ඩයට් පැලෑන් එකක් කිව්වොත් එක පැත්තකින් හරි..
ෆැටිලිවර්, PCOD, ප්‍රෙශර්, කොලෙස්ටරෝල් මේ මගින් සමනය කරගන්න පුළුවන්..
මේ බොහොමයක් free.. බොහෝ විට මුදල් ඉතිරි වෙනවා.. මුල හරියෙ තියෙන දේවල් හරි ලේසී..
– රෑ දහයට කලින් නිදා ගන්න.
– රෑට පැය හතක් නිදාගන්න.
දවල් වෙලා පස්ස පැත්තට අවුව වැටෙන කම් නිදා ගන්න එක වැඩක් නෑ.. රෑ තියෙන්නෙ නිදා ගන්න..
දවල් තියෙන්නෙ වැඩ කරන්න..
– උදේ නැගිට්ට ගමන් කිරිතේ, බිස්කට් තහනම්. උදේට කනකම් ඇල්වතුර පමණයි.
– උදේ නැගිට්ට ගමන් වතුර මී.ලී. 200-400 විතර බොන්න.
– දවසේ සෑම ආහාර වේලකටම පැය බාගයකට කලින් වතුර වීදුරුවක් බොන්න.
– ආහාර ගෙන ඉවර උනාට පස්සේ වතුර බොන්න පැය බාගයක් ඉන්න.
– ප්‍රධාන ආහාර වේල පමණයි.
– කනකොට බඩ පිරෙන්න කන්න. පොඩ්ඩක් කන්න එපා.
– ප්‍රධාන ආහාර වේලකින් පසුව පැය හතරක් වත් ගතවන තුරු කිසිම ආහාරයක් ගන්න එපා. වතුර පමණයි.
– ප්‍රධාන ආහාර වේල් පමණයි.
– අතරින් පතර අනම් මනම් පොඩ්ඩ පොඩ්ඩ කන්න එපා.
– රාත්‍රී ආහාරය බිං කලුවර වැටෙන්න කලින් කන්න.
– අඩුමගානේ හතට කලින් කන්න.
– අඩුම ගානේ උදේ නමයවත් පහුවෙනකම් වතුර විතරක් බීලා ඉන්න.
– කන්න හොඳම නැති තහනම් ආහාර…. මේවා පොඩ්ඩක් කෑවත් ලෙඩ වෙනවා..
සීනි, පැණිරස, රට ඉඳි, හකුරු, කෘත්‍රිම රස කාරක, කෘත්‍රිම ආහාර කේක් කොත්තු චොකලට් බිස්කට් බ්‍රෑන් ක්‍රැකර් , ක්‍රීම් ක්‍රැකර්, අයිස්ක්‍රීම් පාන්පිටි ආහාර බේකරි කෑම කඩචෝරු ඉදිආප්ප, රොටී නූඩල්ස් පැස්ටා, පරාටා, බනිස්, බර්ගර්ස් ,පැණිරස පළතුරු, කෙසෙල්, ගස්ලබු, අඹ, අන්නාසි, කොමඩු,ෆැක්ටරි වලින් එලියට එන කෑම,
පැකට් කල කෑම, නන් ෆැට්, නෝ ශුගර්, සීරෝ කැලරි
සප්ලිමන්ට්ස්, විටමින්ස් ,විටමින් සහ ප්‍රො බයෝටික් එකතු කල කෑම, ටී වී එකේ ඇඩ් යන කෑම, පිටරටින් එන කෑම, දිගු කල් ඉකුත් වීමේ දිනයක් ඇති කෑම,
අඩංගු ද්‍රව්‍ය පහකට වඩා ඇති කෑම, අවුරුදු සීයකට පෙර ඔබේ සීයා හෝ ආච්චි කෑවේ නැති කෑම කිසිවක් කන්න එපා. ! පොඩ්ඩක්වත් එපාම තමා.
දියවැඩියාව කොලෙස්ටරෝල් හාට් ඇටෑක් පිලිකා ෆැටි ලිවර් ප්‍රෙශර් මේ ඔක්කොම හැදෙන්නේ ඔය එපා කියපු ආහාර වලින් සහ අඩු කරන්න කියාපු ආහාර වලින්.
දැන්,තරුණ කාලේ, හයි හත්තිය තියෙන කාලේ හැල්මේ මේවා කාලා ඔබ ජීවිතය විඳින්න. දිගටම මේ ජරාව කාලා ඔබ ලෙඩ වුණොත්, ඉස්පිරිතාලවල ජීවිතය විඳින්න පුලුවන්.. ඒ නිසා ව්‍යායාම කරන්න… කරනකොට පිළිවෙලින් මේ එක එක ව්‍යායාම වර්ග එකතු කරගන්න බලන්න…
මුහුණුපොත ඇසුරෙන්..