Home Uncategorized ඔන්න ආයෙමත් කරන්ට් වදින්නයි යන්නේ… මෙන්න ඒ ගැන ඇසෙන දුක්බර පුවත…

ඔන්න ආයෙමත් කරන්ට් වදින්නයි යන්නේ… මෙන්න ඒ ගැන ඇසෙන දුක්බර පුවත…

0
40

විදුලි ගාස්තු සියයට 18.3 කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.

ඊයේ මීට අදාළ උපදේශන පත්‍රිකාව තම කොමිසම වෙත ලැබුණු බවයි එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සදහන් කළේ.

ඒ අනුව ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි කිරීම සිදු කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය යොජනා කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂවරයා සදහන් කළේ, විදුලි බල මණ්ඩල යෝජනාව සමාලෝචනය කර මේ සම්බන්ධයෙන් එළැඹෙන 20 වනදා වන විට මහජන අදහස් විමසීම සිදු කරන බවයි.

ඒ අනුව ඉදිරිපත් වන කරුණු මත ජුනි මස මුලදී මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සදහන් කළා.

Previous articleඑදා දවස කාටත් වඩා විශේෂ අපේ ශේෂාද්‍රිට… හේතුව මෙන්න මේකයි.
Next articleමේක නම් හදාගන්න එපා. හැදුනොත් මාස ගාණක් විඳවන්න වෙයි. මේ රෝග ලක්ෂණ තියෙයි නම් ඔයාටත් චිකන්ගුන්යා වෙන්න පුළුවන්…!
error: Content is protected !!
Verified by MonsterInsights