Home Uncategorized ලොවක් මවිත කරමින් ටොම් කෲස්ගෙ ගිනස් ලෝක වාර්තාව

ලොවක් මවිත කරමින් ටොම් කෲස්ගෙ ගිනස් ලෝක වාර්තාව

0
89

ඔහුගේ නම නොදන්නා කෙනෙක් නැහැ…

ඒ තරම්ම ජනප්‍රිය කෙනෙක් තමයි ටොම් කෲස් කියන්නේ…

ටොම් කෲස් ‘Mission: Impossible – The Final Reckoningහි ඊතන් හන්ට් ලෙස ඔහුගේ චරිතය නැවත පණ පොවන අතර, එහිදී ඔහු ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක් බිඳ දැමීමෙන් පසුවයි ඔහු මෙලෙස ගිනස් ලෝක වාර්තාව දිනා ඇත්තේ.

ගිනස් ලෝක වාර්තා පොතට අනුව, කෲස් “තනි පුද්ගලයෙකු විසින් වැඩිපුරම දැවෙන පැරෂුට් පැනීම්” සිදු කර ඇති අතර, ඔහුගේ පැනීම් ගණන 16 වතාවක් වෙනවා.

නව චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දකුණු අප්‍රිකාවේ මෙම ක්‍රියාන්විතය සිදු කරන ලද අතර, එය මේ වන විට ප්‍රේක්ෂකයින් මවිතයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ගෝලීය සිනමා ශාලාවල ඩොලර් මිලියන 389ක දැවැන්ත ආදායමක් ද ලබාගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රසිකයින්ගේ ප්‍රියතම ‘Mission: Impossible’ චිත්‍රපට මාලාව 1996 දී ටොම් කෲස් ප්‍රථම වරට රහස් නියෝජිත ඊතන් හන්ට් ලෙස රඟපෑමට එක්වූවා.

Previous article“හැමදාමත් ඔය විදිහටම නිදහසේ හිනාවෙලා ඉන්න.. මම ඉන්නවා..” හිතට දැනෙන ආදරයක් ළඟ නතරවුණු ඇය, ඔහු වෙනුවෙන් ලියූ ඒ සටහන මෙන්න..
Next articleලෝක ප්‍රසිද්ධ චීන තරු දෙපල මේ දවස්වල ලංකාවේ මොකද්ද කරන්නේ
error: Content is protected !!
Verified by MonsterInsights