රටම ආදරේ කරන යූටියුබ් තරුව අශේන් සේනාරත්නගේ කැදැල්ලට අලුත් සාමාජිකයෙක්
ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ලෝකයේ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත් යූටියුබ් තරුවක් වන අශේන් සේනාරත්න වෙතින් සතුටුදායක පවුල් පුවතක් හෙළි වී තිබේ. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා සදහන් කර ඇත්තේ, මේ වසරේ නැවතත් තාත්තා කෙනෙක් වීමට තමන් සූදානම් වන බවයි.
“ජීවිතේ ලස්සනම දේවල් සිද්ධ වෙන්නෙ අපි බලාපොරොත්තු නොවන වෙලාවට. මේ අවුරුද්දේ මම නැවතත් තාත්තා කෙනෙක් වෙන්න යනවා! දහේන්ට පුංචි යාළුවෙක් ලැබෙන්නයි යන්නේ. අපේ පුංචි පවුල වෙනුවෙන් හැමෝගෙම ආශිර්වාද ඕනා” යනුවෙන් ඔහු සදහන් කර තිබුණි.
මෙම සතුටුදායක පුවතත් සමඟ ඔහුගේ රසික රසිකාවියන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, සමාජ මාධ්‍යවල ඔහුට සුභ පැතුම් වැසි වැටෙන අයුරු දැකගත හැකිය. පවුල් ජීවිතය පිළිබඳව නිතරම ආදරණීය හා සරල පැතිකඩක් පෙන්වමින් ජනතාව අතරට පැමිණෙන ඔහුට, මෙම නව සාමාජිකයා පැමිණීම තවත් සතුටක් බව රසිකයන් පවසයි.
දැනටමත් පුංචි පවුලක් ලෙස ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති මෙම කැදැල්ලට, නව සාමාජිකයෙකු එක්වීම රසිකයන් අතරත් මහත් උද්යෝගයක් ඇති කර තිබේ. ඔවුන් බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන්නේ, ඔවුන්ගේ පවුලට සුව සම්පන්න, සතුටින් පිරි අලුත් ආරම්භයක් ලැබේවා යන්නයි.








