Home දේශිය පුවත් අභිරහසක් ඉතුරු කරමින් එංගලන්තයේදී අවාසනාවන්ත ලෙස ලාංකීය තරුණියක් දිවියෙන් සමුගනී..!

අභිරහසක් ඉතුරු කරමින් එංගලන්තයේදී අවාසනාවන්ත ලෙස ලාංකීය තරුණියක් දිවියෙන් සමුගනී..!

0
73

 

 

එදා අගෝස්තු 21, පොලිසියට හදිසියේම තොරතුරක් ලැබෙන්නේ කාඩිෆ්හි සවුත් මෝගන් ප්ලේස් (South Morgan Place) හිදී කාන්තාවකට බරපතල තුවාල සිදුව ඇති බවයි..

ඒ වන විට උදෑසන 7.30ට පමණ ඇති.. ඒ පිළිබඳව අදාල පිරිස කඩිනමින් සොයා බැලුවත්, එතැනට පැමිණි වෛද්‍යවරු පැවසුවේ ඇය ඒ වන විටත්, එම ස්ථානයේදීම මියගොස් ඇති බවටයි..

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පෙන්ට්වින් (Pentwyn) ප්‍රදේශයේ පදිංචිව සිටි, නිරෝධා නිවුන්හැල්ල (Nirodha Niwunhella) නමැති 32 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්..

කාඩිෆ්හි රිවර්සයිඩ් ප්‍රදේශයේදී පසුගිය බ්‍රහස්පතින්දා මේ සිද්ධිය සිදුවූ අතර, ඇගේ ඝාතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකුවන 37 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

අද දින කාඩිෆ් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ගෙන එන සැකකරු නිරෝධා හඳුනන බවට පොලීසිය පවසා තිබුණ අත‍ර, සිද්ධිය වූ දින 07:30 ත් 08:30 ත් අතර කාලය තුළ දකුණු මෝගන් පෙදෙස හෝ සීවෝල් පාර අසල අළු පැහැති ෆෝඩ් ෆියෙස්ටා රථය සම්බන්ධයෙන් තොරතුරු සොයමින් සිටින බවත් යම් තොරතුරක් වේ නම් දන්වන ලෙසත් පොලීසිය සඳහන් කරනවා…

Source – Hiru Gossip

Previous articleකොච්චර කරත් සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද ? මෙන්න මුදල් ඉතුරු කරගන්න සුපිරිම ටිප්ස් ටිකක්…!
Next articleලංකාවේ කවුරුත් ආදරේ කරන අති දක්ෂ ගායන ශිල්පියෙක් වූ ඔහුටත් ඔන්න මංගල සීනු…
error: Content is protected !!
Verified by MonsterInsights