Home සුව අරණ ප්‍රෙෂර් එක බස්සන්න කොත්තමල්ලි වලට පුලුවන් කියල දන්නවද..

ප්‍රෙෂර් එක බස්සන්න කොත්තමල්ලි වලට පුලුවන් කියල දන්නවද..

0
265

අපිට හෙම්බිරිස්සාවක්, ඇඟපතේ අමාරුවක් හැදුනම අම්මා මුලින්ම හදලා දෙන්නේ කොත්තමල්ලි ටිකක්. අපි හිතන් ඉන්නේ මේක “සෙම” වලට විතරයි හොඳ කියලා.

හැබැයි ආයුර්වේදයේ සහ නවීන විද්‍යාවේ (Science) සොයාගෙන තියෙනවා, කොත්තමල්ලි කියන්නේ අධි රුධිර පීඩනයට (High Blood Pressure) තියෙන ආරක්ෂිතම ස්වභාවික පානයක් කියලා.

කොහොමද කොත්තමල්ලි වලින් ප්‍රෙෂර් අඩුවෙන්නේ? 

අපේ ප්‍රෙෂර් එක වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඇඟේ ලුණු (Sodium) එකතු වීම සහ නහර තද වීම.

මුත්‍රා කාරක ගුණය (Diuretic Effect): අපි ප්‍රෙෂර් එකට බොන සමහර බෙහෙත් වලින් කරන්නේ ඇඟේ වතුර සහ ලුණු මුත්‍රා හරහා පිට කරන එක. කොත්තමල්ලි කියන්නේ ස්වභාවිකවම මේ දේ කරන ඔසුවක්. මේකෙන් වකුගඩු වලට බරක් නොවී ඇඟේ වැඩිපුර තියෙන ලුණු (Sodium) ටික මුත්‍රා හරහා පිට කරනවා.

සිතල ගුණය: කොත්තමල්ලි ඇඟ නිවනවා (Cooling). මේකෙන් රුධිර නාල ලිහිල් වෙලා ලේ ගමන පහසු කරනවා.

කොලෙස්ටරෝල් පාලනය: රුධිර නාල වල තෙල් බැඳීම වලක්වන්නත් කොත්තමල්ලි වලට පුළුවන්.

බොන්න ඕනේ මෙහෙමයි (Daily Detox): 

හෙම්බිරිස්සාවට බොනවා වගේ තදට තම්බලා, ඉඟුරු දාලා බොන්න එපා (ඒක සැර වැඩියි). ප්‍රෙෂර් එකට බොන්නේ “තේ එකක්” වගේ සැහැල්ලුවට.

කොත්තමල්ලි ඇට මේස හැන්දක් (1 tbsp) ටිකක් තලාගන්න (කුඩු කරන්න එපා, ඇටේ පැලෙන්න විතරක් තලන්න).

රෑට මේ ටික වතුර වීදුරුවකට දාලා වහලා තියන්න.

උදේට ඒ වතුර එක විනාඩි 2-3ක් රත් කරලා (නටවන්න එපා), පෙරාගෙන හිස්බඩ බොන්න.

සීනි දාන්න එපා. ඕන නම් පිරිසිදු මී පැණි බිංදුවක් දාගන්න.

මෙය කිසිම අතුරු ආබාධයක් නැති, වකුගඩු පිරිසිදු කරන පානයක්. හැමදාම උදේට ප්ලේන්ටී එක වෙනුවට මේ “රත්තරන් පානය” බොන්න පුරුදු වෙන්න.

ප්‍රෙෂර් පෙති බොන, ඒත් අතුරු ආබාධ ගැන බය අයට මේ ලිපිය Share කරන්න.

 

Previous articleකට්ට කරවල කෑල්ලක් නැතුව බත් කන්න බැරිද? එහෙනම් ඔබේ ප්‍රෙෂර් එක නගින්න හේතුව මෙන්න.
Next articleබඩ අඩු කරගන්න බඩගින්නේ ග්‍රීන් ටී බොනවාද? අක්මාවට වෙන දේ දන්නවාද?
error: Content is protected !!
Verified by MonsterInsights