“උදේම නැගිටලා ග්‍රීන් ටී එකක් බිව්වම බඩ බහිනවා.”
මේක ගොඩක් අය විශ්වාස කරන දෙයක්. බර අඩු කරගන්න ඕන නිසා සමහරු ඇඳෙන් බැහැපු ගමන්ම තද ග්‍රීන් ටී එකක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඔබ මේ කරගන්නේ ඔබේ ශරීරයේ වටිනාම අවයවයක් වන “අක්මාවට” (Liver) ලොකු හානියක් බව දන්නවාද?
ඇයි බඩගින්නේ ග්‍රීන් ටී නරක?
ග්‍රීන් ටී කියන්නේ ඉතාම ගුණදායක පානයක්. හැබැයි “වෙලාව” වැරදුනොත් ඒක විෂක් වෙන්න පුළුවන්.
1. අක්මාවට දෙන ප්‍රහාරය (Liver Stress): ග්‍රීන් ටී වල තියෙනවා “කැටෙක්සින්” (Catechins/EGCG) කියලා ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. ඔබ බඩේ කෑම නැතුව හිස්බඩ මේක බිව්වම, මේ රසායනිකයන් ඉතා ඉහළ සාන්ද්‍රණයකින් කෙලින්ම අක්මාවට උරාගන්නවා. පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා මෙය දිගින් දිගටම සිදුවීම අක්මාවේ සෛල වලට දරාගන්න අමාරු බව සහ අක්මාවට හානි වෙන්න පුළුවන් බව.
2. ගැස්ට්‍රයිටිස් (Acidity): තේ වල “ටැනින්” (Tannins) තියෙනවා. හිස්බඩ මේවා ගියාම ආමාශයේ අම්ල ගතිය (Stomach Acid) වැඩි කරනවා. උදේට ග්‍රීන් ටී බිව්වම ඔක්කාරය, බඩේ දැවිල්ල හෝ අජීර්ණ එන්නේ මේ නිසයි.
බොන්න හොඳම වෙලාව මොකක්ද?
ග්‍රීන් ටී වල නියම ගුණය ඇඟට ගන්න නම් මේ විදියට බොන්න:
කෑමට පස්සේ: උදේ කෑමෙන් හෝ දවල් කෑමෙන් විනාඩි 30කට හෝ 45කට පස්සේ බොන්න.
එතකොට බඩේ තියෙන ආහාර නිසා අක්මාවට එන පීඩනය අඩු වෙනවා වගේම, ආහාර දිරවීමත් පහසු කරනවා.
දවසකට කෝප්ප 2-3කට වඩා බොන්න එපා.
බර අඩු කරගන්න ගිහින් ලෙඩ වෙන්න එපා. ග්‍රීන් ටී වලට ඇබ්බැහි වුනු යාළුවෙක්ට මේ පණිවිඩය Share කරන්න.
Weda Mahatha.











