මේ ඉන්නෙ දින 8ක් පුරාවට ආලෝකාව මලක් වගේ පරිස්සමෙන් බලාගත්ත කොම න්ඩෝ සෙබලෙක්. රස්නෙ පාරවල් වල, ආලෝකගේ කකුල් වලට වේදනාවක් වෙයි කියලා හිතලා ඔහු වඩාගෙනත් ගිය අවස්ථා තිබුනා..
දවස් කීපයක් ඇතුළත මේ දෙන්නා අතර වචන වලින් කියන්න බැරි බැඳීමක් හැදුණා. ආදරය, විශ්වාසය, කරුණාව එකට මිශ්‍ර වෙච්ච අමුතු සම්බන්ධයක්.
අවසානයේ සමුගන්න වෙලාව ආවම, ආලෝකා එයාව බලාගත්ත සෙබලා වටේ දැවටි දැවටි හුරතල් වුණා.
එහෙම කරද්දි ඇය “මම ගිහින් එන්නම් අයියේ… ඒත් මාව මෙච්චර ආදරෙන් බලාගත්ත ඔයාව දාලා යන්න හිතෙන්නෙ නෑ…” වගේ දෙයක් පෙන්නනවා දැනුනා..
ඒ මොහොතේ ඒ සෙබලාගේ හිතේ ආදරේ කොච්චරද කියලා තේරුණේ තවත් පොඩි දේකින්. අසල තිබ්බ තේ කෝප්පය ආලෝකගේ ඇඟට වැටෙයි කියලා හෙමින් එහාට කළා.








