Home දේශිය පුවත් මම ගිහින් එන්නම් අයියේ… ඒත් මාව මෙච්චර ආදරෙන් බලාගත්තඔයාව දලා යන්නෙ කොහොමද...

මම ගිහින් එන්නම් අයියේ… ඒත් මාව මෙච්චර ආදරෙන් බලාගත්තඔයාව දලා යන්නෙ කොහොමද …” සෙබලාගේ දින 8ක සෙනෙහසට, සමුගන්න තත්පරයකදි කෘතගුණ පෙන්වපු අලෝකා..

0
167

මේ ඉන්නෙ දින 8ක් පුරාවට ආලෝකාව මලක් වගේ පරිස්සමෙන් බලාගත්ත කොම න්ඩෝ සෙබලෙක්. රස්නෙ පාරවල් වල, ආලෝකගේ කකුල් වලට වේදනාවක් වෙයි කියලා හිතලා ඔහු වඩාගෙනත් ගිය අවස්ථා තිබුනා..

දවස් කීපයක් ඇතුළත මේ දෙන්නා අතර වචන වලින් කියන්න බැරි බැඳීමක් හැදුණා. ආදරය, විශ්වාසය, කරුණාව එකට මිශ්‍ර වෙච්ච අමුතු සම්බන්ධයක්.

අවසානයේ සමුගන්න වෙලාව ආවම, ආලෝකා එයාව බලාගත්ත සෙබලා වටේ දැවටි දැවටි හුරතල් වුණා.

එහෙම කරද්දි ඇය “මම ගිහින් එන්නම් අයියේ… ඒත් මාව මෙච්චර ආදරෙන් බලාගත්ත ඔයාව දාලා යන්න හිතෙන්නෙ නෑ…” වගේ දෙයක් පෙන්නනවා දැනුනා..

ඒ මොහොතේ ඒ සෙබලාගේ හිතේ ආදරේ කොච්චරද කියලා තේරුණේ තවත් පොඩි දේකින්. අසල තිබ්බ තේ කෝප්පය ආලෝකගේ ඇඟට වැටෙයි කියලා හෙමින් එහාට කළා.

Previous articleඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව හඟවන රෝග ලක්ෂණ..
Next articleඔබේ මුඛයෙන් හමන හුස්මෙහි ගන්ධය මඟින් හෙළි කළ හැකි සෞඛ්‍ය තත්වයන්
error: Content is protected !!
Verified by MonsterInsights