වැලන්ටයින් දවස කිව්වම අපේ මතකයට එන්නේ තරුණ පෙම්වතුන් වුණත්, ඇත්තම ආදරය කියන්නේ වයසට යන්න යන්න පරණ වෙන්නේ නැති සොඳුරු හැඟීමක් කියලා අපට ආයෙමත් මතක් කරලා දුන්නේ අපේ රිදී තිරයේ සදාකාලික රැජින, ඉරංගනී සේරසිංහ මහත්මිය.
පසුගිය වැලන්ටයින් දවසේ, අපේ කවුරුත් ආදරය කරන මේ “සුදු ආච්චි” සිය ආදරණීයන් පිරිසක් සමඟ ඉතාමත් සුන්දර සැමරුමකට එක්ව සිටියා.
(Glenda Parthipan) මහත්මියගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගත් මේ ඡායාරූප පෙළ දුටු හැමෝගෙම හදවත් ආදරයෙන් උණුසුම් වුණා කිව්වොත් නිවැරදියි.
මුළු රටකම ආදරය දිනාගත් අපේ ආදරණීය “සුදු ආච්චි”ට අපිත් හදවතින්ම සුබ පතනවා..















