රෙබෙකා නිර්මලී…
නම කියූ සැනින් රුව මැවෙන අපූරු රංගන ශිල්පිනියකි ඈ.
රෙබෙකා නිර්මලී කියන නමට වඩා කවුරුත් ඇයව හඳුනන්නෙ, “වෙද හාමිනේ” මැයෙන්.
කලාවට අමරණීය මතක රැසක් තිළිණ කළ ඇය, රුදුරු පිළිකා රෝගයට ගොදුරුව මීට කලකට ඉහතදී අපෙන් සමුගන්නවා.
එලෙස ඈ සමුගෙන ගියද, ඇය ශේෂ කළ මතක අදටත් ජීවමානයි.
“සමාවෙන්න මා රත්තරනේ”, “ඉර සේවය”, “උත්තරා”, “සමනල සංධ්වනිය”, “මහරජ ගැමුණු”, “සංගිලි” වැනි චිත්‍රපට රැසකින් සිනමාව තුළ ද රෙබෙකා නිර්මලී නාමය කියවෙනවා.
ඇයගේ එකම දියණිය, ඈන් නිරෝෂනී නන්දකුමාර.
මවගේ මතකය අවදි කරමින් ඇය විශේෂයෙන්ම සඳහන් කරන කාරණයකි, ‘රෙබෙකා නිර්මලී’ නාමය ගොඩනැඟෙන්න සිය පියාණන්ගෙන්, එහෙමත් නැත්නම් රෙබෙකා නිර්මලීගේ සැමියාගෙන් ලැබුණු දායකත්වය.
ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා විසින් නිළියක් හැටියට රෙබෙකා නිර්මලීව ක්ෂේත්‍රයට හඳුන්වා දෙද්දි, ඇයට සිය ගමන ඉස්සරහට යන්න හයියක් වෙලා තිබුණෙ ආදරණීය සැමියා.
”අම්මිගෙ ඇඟ ඇතුළෙ හිටපු නිළියව එළියට ගත්තෙ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා. ජයන්ත අන්කල්. වෙද හාමිනේ චරිතයට තෝරගන්නවා කියලා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා….”
”තාත්ති තමයි මගෙ අම්මිව ඉස්සරහට අරන් ආවේ. නිළියක් වෙන්න තාත්ති තමයි අඩිතාලම දැන්මෙ.
ඒක ගොඩක් අය දන්නෙ නෑ. රෙබෙකා නිර්මලී කියන මේ චරිතය නිර්මාණය කරන්න පිටිපස්සෙන් ඉඳගෙන උදව් වුණේ මගේ ආදරණීය තාත්තා…”
රෙබෙකා නිර්මලී චරිතය ගොඩනඟන්න එලෙස කැපවුණු ඔහුට ඇයගේ අවසන් කටයුතුවලට සහභාගී වෙන්නත් නොහැකිව තිබෙනවා.
ඒ, ඔහු ද රෝගී තත්ත්වයෙන් පසුවීම නිසාවෙන්.
”තාත්තා පිටරට.. තාත්තා ඉන්නෙ ප්‍රංශයේ. අම්මි අසනීප වෙනකොටත් තාත්ති උදව් කළා. එයත් අසනීපෙන් ඉන්නෙ. අම්මයි තාත්තයි දෙන්නම අසනීපෙන් හිටියෙ. ඇක්සිඩන්ට් එකක් වෙලා තාත්තිගෙ කකුල අමාරුයි. එයත් අසනීපෙන් ඉන්නෙ. දෙන්නගෙම තත්ත්වය හොඳ අතක නෙවෙයි තිබුණෙ. අම්මිගෙ අවසන් කටයුතුවලට එන්නත් බැරි වුණා. නමුත් කතා කළා. තාත්තිට කකුල අමාරුයි..’
උපුටාගැනීම් : Maharu TV සමඟ කළ වැඩසටහනක් ඇසුරින්
#ChannelE








