හිරු ටීවී නාලිකාවේ විකාශය වන “ඇත්තටම මං ඔයාට ආදරෙයි” ටෙලිනාට්‍යය හරහා මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය දිනාගෙන සිටින දක්ෂ වගේම කඩවසම් තරුණ රංගන ශිල්පියෙක් තමයි නිමේෂ් එදිරිසිංහ කියන්නේ. ඔහුගේ රංගන කුසලතාව වගේම සරල පෙනුම නිසාම ඔහුට පිරිසකගේ විශේෂ අවධානයක් හිමි වී තිබෙනවා.
පසුගිය දිනක යෙදුණු ඔහුගේ උපන්දිනය සැමරීම සඳහා ඔහු තෝරාගත්තේ බොහෝ තරුණ කලාකරුවන් කරනවා වගේ යාළුවොත් එක්ක එකතු වෙලා ලොකු වියදම් කරලා පාටි දාන ක්‍රමය නෙමෙයි. ඒ වෙනුවට ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට පිවිසෙමින් දානමය පින්කමක් සිදු කිරීමටයි කටයුතු කළේ. “හැම පාරම party දාන නිසා මේ පාර වෙනසකටත් එක්ක party එකක් ගන්නෙ නැතුව දානයක් දුන්නා” කියලා ඔහු තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනකුත් සමඟ ඡායාරූප කිහිපයක්ම බෙදාගෙන තිබුණා.
අද කාලේ තරුණ වයසේ ඉන්න කලාකරුවෙක් මෙවැනි අර්ථවත් හා නිහඬ සත්කාරයකින් උපන්දිනය සැමරීම ඇත්තෙන්ම සමාජයට විශාල ආදර්ශයක්. මේ අපූරු තීරණය නිසා මේ වන විටත් සමාජ මාධ්‍ය පුරාම ඔහුට ප්‍රශංසා සහ සුබපැතුම් වැස්සක් වැටෙමින් තිබෙනවා. ආදර්ශමත් මෙන්ම ගුණගරුක මේ කඩවසම් රංගන ශිල්පියාට අපිත් හදපිරි සුබපැතුම් එකතු කරන්නෙමු!














