Home සයුරෙන් එහා පුවත් ස්මාර්ට් ෆෝන් පැය දෙකකට සීමා කරලා… රෑ 9න් පස්සේ ස්මාර්ට් ෆෝන් භාවිතය...

ස්මාර්ට් ෆෝන් පැය දෙකකට සීමා කරලා… රෑ 9න් පස්සේ ස්මාර්ට් ෆෝන් භාවිතය තහනම්… ලොවක් මවිත කරමින් ජපානයෙන් ඇසෙන මේ කතාව මොකද්ද ?

0
78

 

 

සියලුම ස්මාර්ට්ෆෝන් භාවිත කරන්නන්ට රාජකාරි හෝ පාසල් කාලයෙන් අනතුරුව එය භාවිත කරන කාලය (Screen Time) පැය දෙකකට සීමා කිරීමට ජපානයේ නගරයක පරිපාලනය විසින් යෝජනාවක් කෙටුම්පත් කර තිබෙනවා.

දඬුවමක් පනවනු නොලබන මෙම යෝජනාව ගෙනැවිත් ඇත්තේ ජපානයේ ටොයෝක් නගරයේයි.

මෙම යෝජනාව ගෙනැවිත් ඇත්තේ එහි ජනතාවගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය සැළකිල්ලට ගනිමින්.

ස්මාර්ට්‍ෆෝන් වැඩි කාලයක් භාවිත කිරීම නිසා නින්ද නොයාම, ආතතිය යන ගැටලුවලට බොහෝ දෙනා මුහුණදෙන බැවින් මෙම පියවර ගන්නා බව නගර පරිපාලනය පවසා තිබෙනවා.

මෙම යෝජනාව මගින් පාසල් සිසුන්ට රාත්‍රි 9න් පසු ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් වනවා.

කෙසේවෙතත් එහි ඇතැමුන් චෝදනා කරන්නේ පැය දෙකක් වැනි කෙටි කාලයකට අඩුම තරමින් සිනමාපටයක් හෝ නැරඹීමටවත් එමගින් පොතක් කියවීමටවත් ‍නොහැකි බැවින් මෙය ප්‍රායෝගික නොවන බවයි.

Previous articleලංකාවේ කවුරුත් ආදරේ කරන අති දක්ෂ ගායන ශිල්පියෙක් වූ ඔහුටත් ඔන්න මංගල සීනු…
Next articleපැය තුනෙන් මහපු ඔසරියක්…? රටක් ආදරේ කරන කාංචනා අනුරාධි මේ කියන්නේ මොකද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights