Home දේශිය පුවත් ජීවිතය පරදුවට තබා මරණයත් සමඟ හැප්පුනු කමාන්ඩෝ මෙහෙයුම: අයගම ප්‍රපාතයෙන් ගොඩගත් ඒ...

ජීවිතය පරදුවට තබා මරණයත් සමඟ හැප්පුනු කමාන්ඩෝ මෙහෙයුම: අයගම ප්‍රපාතයෙන් ගොඩගත් ඒ අමතක නොවන මිනිස්කම!

0
120

මරණය ළඟටම ඇවිත් ඉද්දී, තමන්ගේ ප්‍රාණය පවා තුට්ටුවකටවත් මායිම් නොකර තවත් ජීවිතයක් වෙනුවෙන් ඉදිරියට පනිනවා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අයගම ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක ගල් තලාවකින් ලිස්සා ගොස් ගැඹුරු ප්‍රපාතයකට වැටී ජීවිතක්ෂයට පත් වූ අවුරුදු 59ක පුද්ගලයාගේ දේහය ගොඩගැනීමට සිදු වූ මෙහෙයුම හරියටම ඒ වීරත්වයේ සජීවී සාක්ෂියක්.

ප්‍රපාතයේ අඩි ගණනාවක් පහළ, කිසිවකුට ළඟා වීමටවත් නොහැකි තරම් දුෂ්කර සහ අවදානම් සහගත තත්ත්වයකයි එම දේහය සිරවී තිබුණේ. සාමාන්‍ය ක්‍රමයකට එම ස්ථානයට ළඟා වීම මරණයට ඇරාපෑමක් වැනි බැවින්, ඒ බරපතල අභියෝගය භාරගන්නට මෙරට රණවිරුවන්ගේ ත්‍රාසජනකම බලකාය වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැබෑ වීරයන් දෙදෙනෙක් ඉදිරිපත් වුණා. තමන්ගේ පවුල්, අනාගතය හෝ ජීවිතයේ අවදානම ගැන මොහොතකටවත් නොසිතා, ජීවිතය පරදුවට තබා කඹ ආධාරයෙන් ඒ භයානක ප්‍රපාතයට බහින්නට තරම් ඔවුන් කොතරම් විශාල මානසික ශක්තියක් දරා සිටින්නට ඇත්ද?

අපි හැමදාමත් කියනවා වගේ සැබෑ වීරයෝ කියන්නේ අහසෙන් පහළ වන අය නොවෙයි; මෙන්න මේ වගේ අසීරු මොහොතක, තමන්ගේ රාජකාරියෙන් ඔබ්බට ගොස් තවත් මිනිසෙකුගේ අවසන් ගමන වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබන ඒ අසමසම හමුදා කොල්ලන්ම තමයි. මේ වගේ රණවිරුවන් දෙදෙනෙක් අපේ රටේ සිටීමම මේ ජාතියේ භාග්‍යයක්.

ඔවුන් පෙන්වූ ඒ අසහාය ධෛර්යයට සහ මිනිස්කමට අපේ උත්තමාචාරය හිමි විය යුතුයි!

 

Previous articleසටන් බිමෙන් ඇරඹී ජීවිතයම අහිමි වූ ඒ අසමසම කැපකිරීම! දිවිසැරීය නිමාකළ ආදරණීය විරුවාණනි,ඔබට අමාමහ නිවන්සුව ලැබේවා!
Next article“සඳ තරු මල්” ඉඳන් “බුදු හාමුදුරුවෝ” දක්වා… අපේ හදවත් ස්පර්ශ කළ රඹුක්කන සිද්ධාර්ථ හිමි අප අතරින් සමුගනී..
error: Content is protected !!
Verified by MonsterInsights