සමහරවෙලාවට අධික දහඩිය දැමීම නිසා අපි විවිධ අපහසුතාවලට ලක්වෙනවා.
පාවහන් පැලඳීමේදී පාදවලට දහඩිය දැමීම නිසා පාවහන්වලින් අප්‍රසන්න දුගඳක් හැමීම තියෙන ගැටලුව අපි හැමෝටම තියෙන විශාල ගැටලුවක්.
මෙය කාන්තා අපට පමණක් පොදු ගැටලුවක් වන්නෙත් නැහැ. පාසල් යන දරුවන්ට රැකියාවට යන ස්වාමි පුරුෂයන්ට මේ ගැටළුවට තදබල ලෙස ලක් වන්නට සිදුවනවා. මොකද අපි උෂ්ණත්වය අධික රටක ජීවත්වන අය නේ.
ඉතින් මේ ගැටලුවටත් පිළියම් ඇති. මේ කියන්න යන්නේ අන්න ඒකට විසඳුමක් ලෙස ඔබට කළ හැකි දේවල් කිහිපයක් ගැනයි.
බේකින් සෝඩා භාවිතය
බේකින් සෝඩා කියන්නේ නිවසේ ඇති බොහෝ ගෘහාශ්‍රිත ගැටළුවලට විසඳුම් හොයන මැජික් එකක්.ඔබට ඒ මැජික් එක මේ මේ දුගඳ හමන පාවහන් වලටත් භාවිතා කරන්න පුළුවන්.බේකින් සෝඩා ස්වල්පයක් පාවහන් තුළට දමා තබන්න.ප්‍රසන්න දුගඳ පහව යාවි.මෙය රාත්‍රියක් පුරා තැබීම සුදුසුයි
ලුණු භාවිතය
කැන්වස් සහ ස්නීකර්ස් වැනි පාවහන් තුළින් නැගෙන අප්‍රසන්න දුර්ගන්ධය වැළැක්වීම සඳහා ඒවා තුළට ලුණු එක් කර තැබීමෙන් හොඳ ප්‍රතිඵල ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්
සමහර තෙල් වර්ග භාවිතය
කරාබුනැටි තෙල්, ටී ට්‍රී ඔයිල් වැනි තෙල් වර්ගයක් ටිෂූ එකකින් පොඟවා හෝ රෙදි කැබැල්ලකින් පොඟවා සපත්තුව තුළ රැයක් පුරා තැබීමෙන්ද ගැටළුවට හොඳ විසඳුමක් සෙවීමට හැකියි
ඇල්කොහොල් භාවිතය
අධික ලෙස දුර්ගන්ධයට පත් පාවහන් ඇල්කොහොල් ස්වල්පයකින් පිරිමැදීමත් සුදුසු බව කියැවෙනවා.
ටී බෑග් භාවිතය
ටී බෑග් එකක් උතුරන වතුරට දමා මිනිත්තු තුනක් පමණ තබන්න. පිටතට ගෙන හොඳින් නිවෙන්නට ඉඩහරින්න. ඉන්පසු පැයක් පමණ ඔබේ ගඳගසන සපත්තුවේ එය තැබීම එහි ඇති අප්‍රසන්න දුගඳ ඉවත්වීමට හේතු වනවා
ළදරු පුයර භාවිතය
ළදරු පුයර ගඳගසන සපත්තුව තුළට ඉසීම මගිනුත් ඔබට අප්‍රසන්න දුර්ගන්ධය වලක්වා ගන්නට පුළුවන්. නමුත් සපත්තුව පැළඳීමට පෙර පුයර ඉවත් කරගන්න. එමගින් ඔබ ලිස්සීමට ඉඩකඩක් පවතිනවා.
ශීතකරණයේ DeepFreezer තුළ තැබීම
සපත්තු කුට්ටමේ ඇති මඩ සහ කුණු හොඳින් ඉවත් කර හොඳින් සෝදා වේලා ගන්න. ඉන්පසු ශීතකරණයේ ඇති ආහාර ද්‍රව්‍යය ඉවත් කර සපත්තු එහි දමන්න. රැයක් පුරා මෙසේ තැබීමෙන් අප්‍රසන්න දුර්ගන්ධය නැති කර ගන්නට පුළුවන්.
හොඳින් සේදීම සහ වේලීම
පාවහන්වලට හානි නොවන සේ සුදුසු සේදුම් සේදුම් දියරයක් යොදාගෙන පාවහන් නිතර පිරිසිදු කර මද අව්වේ වේලා ගැනීමෙනුත් ඔබට මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා.
අන්තර්ජාලය ඇසුරෙන්..