Home සයුරෙන් එහා පුවත් වසා දැමූ මැදපෙරදිග ගුවන් කලාපය ගැන දැන් ඇසෙන සුබ පුවත මෙන්න

වසා දැමූ මැදපෙරදිග ගුවන් කලාපය ගැන දැන් ඇසෙන සුබ පුවත මෙන්න

0
49

තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, කටාර් ගුවන් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මෙලෙස විවෘත කර ඇති බවය.

ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස වසා දැමීමට පියවර ගැණුනි.

ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු වූ අතර ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට පියවර ගත් බව ද සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේය.

අදාළ ගුවන් යානා මස්කට්, ඩුබායි සහ රියාද් යන ගුවන්තොටුපොළවල් වෙත ගොඩ බෑමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.

ප්‍රහාරවලින් අනතුරුව යළිත් සිය ගුවන් අවකාශය විවෘත කළ බව කටාර්හි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව ද කටාර් රජය ප්‍රකාශ කර ඇත.

කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වන විට සිය ගුවන් අවකාශ විවෘත කර ඇති බව සඳහන්ය.

Previous article” කිසිදු සටන් විරාමයක් නැ… ” ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානය ප්‍රතිචාර දක්වයි
Next articleරටම කැළඹූ තවමත් හොයන ඉෂාරා සෙව්වන්දි ගැන දැන් ඇසෙන අලුත්ම කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights