Home සයුරෙන් එහා පුවත් සංජේ කපූර්ගේ අභාවයෙන් පසු කරිෂ්මා කපූර්ට ලැබෙන හිතාගන්නවත් බැරි දේවල් මෙන්න

සංජේ කපූර්ගේ අභාවයෙන් පසු කරිෂ්මා කපූර්ට ලැබෙන හිතාගන්නවත් බැරි දේවල් මෙන්න

0
63

 

කරිෂ්මා කපූර්ගේ හිටපු සැමියා වූ සංජය කපූර් මෑතකදී හදිසියේ ජීවිතය හැර ගියා.

53 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වූ සංජේ කපූර් ලොව ධනවත්ම පුද්ගලයින් අතර 2703 වැනි ස්ථානයේ සිටි බව සඳහන් වෙනවා… ඉතිං හිතා ගන්න පුළුවන් නේද මොනතරම් ධනයක් ඔහු සතුව තිබෙනවද කියලා…

එංගලන්තයේ පෝලෝ ක්‍රීඩාවේ නිරත වී සිටියදී හදිසි හෘදයාබාධයකින් ඔහු මිය ගියා.. ඔහුගේ මරණින් පසුව කරිෂ්මාට කෝටි ගණනක දේපළ හිමිව ඇති බවයි වාර්තා වෙන්නේ.ජනප්‍රිය බොලිවුඩ් නිලි කරිෂ්මටත් දරුවන් දෙදෙනාටත් ඔහුගේ මරණින් පස්සේ ලැබුණු දේවල් ගැන සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා…

ඔහුගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් (ඉන්දියානු රුපියල් කෝටි 10,300ක් පමණ) (ශ්‍රී ලංකා රුපියල් කෝටි 35,900) ලෙස ඇස්තමේන්තු කර තිබෙනවාලු…

සංජේ කපූර් ප්‍රධාන වශයෙන් Sona Comstar නම් සමාගමේ හිමිකරු ලෙසයි ලෝකයේ ප්‍රකටව හිටියේ…

සංජේ කපූර්ගේ පියාගේ මුම්බායි නිවස කරිෂ්මා කපූර්ගේ නමට පවරා ඇති බවත් වාර්තා වෙනවා.

විසි හැවිරිදි සමේරා සහ දා හතර හැවිරිදි කියාන් යන දරුවන් හට සමාන ලෙස මාසිකව ඉන්දියානු රුපියල් කෝටි ගණනක මුදලක් ලැබීමට සියලු වැඩකටයුතුයි සකසා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Previous articleඑකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට , අභිරහසක් ඉතිරි කරමින් සමුගෙන ගිය ඔවුන් ගැන ඇසෙන දුක්බර කතාව මෙන්න
Next article“ආපහු දඹු­ල්ලෙන් බැහැලා රස්සා­වට යන්න තමයි එයා හිටියේ… ඒත් දැන් එයාට ගෙදර එන්ඩ වෙලා තියෙන්නේ මේ විදි­හ­යට…” අහම්බෙන් බස් රථයට ගොඩවුණු ඔහු ගැන ඇසුණු ඒ ඛේදනීය පුවත මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights