Home Uncategorized කොලොස්ටරෝල් ඇතුලු රෝග රැසක් සුව කල හැකි වදමල් පානයක් ගෙදරදීම සකසා ගන්නේ...

කොලොස්ටරෝල් ඇතුලු රෝග රැසක් සුව කල හැකි වදමල් පානයක් ගෙදරදීම සකසා ගන්නේ මෙහෙමයි.

0
60

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්න පුළුවන් විශ්මිත පානයක් ගැන දැන ගන්න කැමතිද ?

ඉතිං අද කතා කරන්න හදන්නේ ඒ ගැනයි … මේ පානය හදන හැටි වගේම එහි ගුණය ගැනත් බලමු… හරි අපි මේ පානය හදන්නේ වදමල් වලින්…

වදමල් කියන්නේ ලස්සන වගේම ඕනෑම ගෙවත්තක සුලබව දකින්න පුළුවන් මලක්නේ. ලස්සන හැරුණම වදමල් වල මේ තරම් ඖෂධිය ගුණයක් තියෙනවා කියලා ඔයා කීයට වත් හිතන්න නැතුව ඇති. විටමින් A සහ C වලින් සමන්විත වදමල් හිස කෙස් වල ගලවන්නත් ඉතා සුදුසුයි. ඒ වගේම විටමින් B, සින්ක්, යකඩ, ප්‍රෝටීන් සහ ඔමේගා-3 අඩංගු වෙනවා. වදමල් පානයේ කැෆේන් අඩංගු වෙන්නේ නැති නිසාත් ඇත්තේ අඩු කැලරි ප්‍රමාණයක් නිසාත් ශරීර සෞඛ්‍යට ඉතාමත් හිතකරයි.

වදමල් පානය සකස් කර ගන්නේ මෙහෙමයි.

හොඳින් උණු කර ගත් වතුර කෝප්ප දෙකකට රතු පැහැති පොකුරු වදමල් 2ක පමණ පෙති එකතු කරන්න.
විනාඩි 5ක් පමණ හොඳින් වසා තබන්න.
මල් පෙති ඉවත් කර මී බිංදු කීපයක් හා ලෙමන් බිංදු කීපයක් එකතු කර පානය කරන්න.

වදමල් පානයෙන් ඔයාට මෙන්න මේ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙනවා.

1. වදමල් පානයෙන් ලැබෙන වටිනාම ප්‍රතිලාභය තමයි අධික රුධිර පීඩනය අවම මට්ටමකට ගෙන ඒම.

2. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්න වදමල් පානයට පුළුවන්. කොලෙස්ටෙරෝල් වැළඳුනු අයෙක් දිනපතා වදමල් පානය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

3. සිරුරේ බර අඩු කර ගැනීමට ඔයාට මේ පානය උදවු කර ගන්න පුළුවන්. අධික ස්ථුල බව වැනි තත්ත්වයන්ට මුහුණ පා සිටින අයට සිරුරේ බර අඩු කර ගන්න මේක හොඳ විසඳුමක්.

4. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා. දිනපතා වදමල් පානය මඟින් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනා ලෙස ක්‍රියාකාරී කර ඔයාව ලෙඩ රෝග වලින් මුදවා ගන්නවා. ඒ වගේම විවිධ ආසාදන වලින් ඔයාව මුදවනවා.

5. ඔසප් වේදනාව අවම කරන්න අතීතයේ ඉඳලම භාවිතා කල දෙයක් තමයි වදමල් කියන්නේ. මාස් ශුද්ධිය ඇති වන කාලයේදී උදරයේ වේදනාව අවම කරන්න මෙය ඉවහල් වෙනවා.

උපුටාගැනීමක්

Previous articleටෙක්සාස් ගංවතුරින් දිවි අහිමි වූවන් ගැන දැන් ඇසෙන ශෝකජනක ආරංචිය මෙන්න.
Next articleනිවස තුල ධනය බලය රැක දී සෞභාග්‍යය කැන්දන පුරාණ ඉන්දීය වාස්තු විදයා රහස් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights